ඉතාලියේ පාතාල කල්ලි සාමාජිකයෙක් වුණු තමන්ගේම පියාට එරෙහිව සාක්ෂි ලබා දෙමින් ලෝකයම කතා කළ ඩෙනිස් කොස්කෝ කියන තරුණිය අවාසනාවන්ත විදිහට ජීවිතයට සමුදීලා. ඇයගේ මව වන ලියා ගරොෆාලෝව 2009 වසරේදී පාතාල කල්ලි සාමාජිකයන් විසින් ඉතාමත් කෲර ලෙස ඝාතනය කළා. ඒ සිද්ධියෙන් පස්සේ තමන්ගේ මවට සාධාරණයක් ඉටු කරගන්න ඩෙනිස් කොස්කෝ පියාට විරුද්ධව අධිකරණයේ පෙනී සිටියේ අතිශය නිර්භීත තීරණයක් ගනිමින්. ඇය මිය යන විට වයස අවුරුදු 35ක්. හරියටම ඇයගේ මව මිය යන විටත් ඇයගේ වයස ඒ වගේමයි.
ඇය වසර ගණනාවක් රජයේ ආරක්ෂාව යටතේ වෙනත් අනන්‍යතාවයකින් ජීවත් වුණත්, පාතාල ලෝකයේ බැඳීම් සහ පවුල් පසුබිම නිසා ඇති වුණු මානසික පීඩනය ඇයට දරාගන්න බැරි තරම් වුණා. විශේෂයෙන්ම පියා සමඟ තිබුණු අතීත මතකයන් සහ ඇය විඳි මානසික වේදනාවන් ඇයව දැඩි ලෙස අසරණ කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාලි බලධාරීන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඇයගේ මරණය පාතාල ලෝකයේ ගොදුරු බවට පත්වුණු අයට ලැබෙන අවාසනාවන්ත ඉරණමක තවත් එක පැතිකඩක් විදිහටයි බොහෝ දෙනා දකින්නේ. ඇයගේ මරණය මුළු රටටම ලොකු කම්පනයක් වගේම පාතාලයේ බලපෑම කොයිතරම් දුරට මිනිස්සුන්ගේ ආත්මයන් විනාශ කරනවද කියන එකට හොඳම උදාහරණයක්.

Discussion & Feedback