කොළඹ පැවැත්වෙන 152 වැනි වාර්ෂික වේල් පෙරහැර හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය දැනුම් දෙනවා. පෙට්ටිගල සහ බම්බලපිටිය කදිරේසන් කෝවිල්වලින් ආරම්භ කෙරෙන මෙම රන් රථ පෙරහැර ජූලි 28 වැනි අඟහරුවාදා උදෑසන 7.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම පෙරහැර සී වීදිය, පිටකොටුව, කාන් ඔරලෝසු කණුව, ගාලු පාර ඔස්සේ ගමන් කර රාත්‍රී 8.30 පමණ වන විට බම්බලපිටිය නව කදිරේසන් කෝවිල වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.
විශේෂයෙන්ම සවස 5.00ත් 7.00ත් අතර කාලයේදී කොල්ලුපිටිය සහ බම්බලපිටිය හරහා ගාලු පාරේ ගමන් කිරීමේදී රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලිසිය පවසනවා. එමෙන්ම නැවත පෙරහැර ජූලි 31 වැනි සිකුරාදා උදෑසන 8.00ට බම්බලපිටියෙන් ආරම්භ වී නැවතත් පිටකොටුව දක්වා ගමන් කිරීමට නියමිතයි. මෙය එදින මධ්‍යම රාත්‍රී 12.30ට පමණ අවසන් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේ නිසා පෙරහැර ගමන් කරන මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ මහජනතාවට හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය කාරුණිකව ඉල්ලා සිටිනවා. පෙරහැර ගමන් කරන කාලසීමාවන් තුළ රථවාහන තදබදයට මුහුණ දීමට සිදුවිය හැකි බැවින්, ඔබගේ ගමන් බිමන් සැලසුම් කර ගැනීමේදී මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. උත්සව සමයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබට අනවශ්‍ය ප්‍රමාදයන් මඟහරවා ගැනීමට පුළුවන්.

Discussion & Feedback