ලොව පුරා අතිශය ජනප්රිය ‘මිලියන් ඩොලර් ලිස්ටින් ලොස් ඇන්ජලීස්’ වැඩසටහන හරහා ප්රේක්ෂක ආදරය දිනාගත් ට්රේසි ටියුටර්, ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘ද රියල් හවුස්වයිව්ස් ඔෆ් බෙවර්ලි හිල්ස්’ (RHOBH) 16 වැනි කන්නය සඳහා එක්වන බව නිල වශයෙන් ප්රකාශ කර තිබෙනවා. මේ වන විටත් මෙම වැඩසටහනේ රූගත කිරීම් ආරම්භ වී ඇති අතර, ට්රේසි තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා රසිකයන්ට මේ බව දැනුම් දී ඇත්තේ දැඩි උද්යෝගයකින්. බෙවර්ලි හිල්ස් ප්රදේශයේ පදිංචිකාරියක වන ඇය, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳව තවත් බොහෝ දේ ප්රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙනු ඇති බව පවසනවා.
ට්රේසි ටියුටර් බ්රාවෝ නාලිකාවේ අලුත් මුහුණක් නම් නෙවෙයි. ඇය මීට පෙර ‘මිලියන් ඩොලර් ලිස්ටින්’ වැඩසටහනේ 10 වැනි කන්නයේ සිට 15 වැනි කන්නය දක්වාම දක්ෂ ලෙස කටයුතු කළා. විශේෂයෙන්ම, බෙවර්ලි හිල්ස් කණ්ඩායමේ සිටින ඩොරිට් කෙම්ස්ලි සමඟ ට්රේසි අතර මීට පෙර ඇතිවූ මතභේද නිසා, ඇයගේ මෙම පැමිණීම වැඩසටහනට අලුත් ආකර්ෂණයක් සහ කුතුහලයක් එක් කරනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. පසුගිය කාලයේ ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම් නිසා මෙවර කන්නය වඩාත් උණුසුම් වනු නොඅනුමානයි.
මේ වන විට 16 වැනි කන්නයේ සෙසු සාමාජිකාවන් කවුරුන්ද යන්න පිළිබඳව නිල තහවුරු කිරීමක් සිදු කර නැතත්, කයිල් රිචඩ්ස්, සටන් ස්ට්රැක් සහ එරිකා ජේන් වැනි ප්රසිද්ධ චරිත නැවතත් දැකගන්නට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අමන්දා ෆ්රැන්සිස් මෙවර කණ්ඩායමෙන් ඉවත් වී සිටින අතර, ට්රේසිගේ පැමිණීමත් සමඟ බෙවර්ලි හිල්ස් රියැලිටි ලෝකය තවත් වෙනස්ම මගකට යනු ඇති බවයි රූපවාහිනී විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback