ලෝකය පුරාම ඉමහත් ජනප්රියත්වයක් දිනාගත්ත ‘ටෝයි ස්ටෝරි’ සිනමා මාලාවේ පස්වැනි කොටස මේ වන විට සිනමා ඉතිහාසයේ අලුත් වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. ජුනි 19 වැනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්රපටය, ඉතාම කෙටි කාලයක් ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායම් සීමාව පසු කරන්න සමත් වුණා. මේ විදිහට 2026 වසරේදී බිලියන ඩොලර් සීමාව පසු කරපු පළමු චිත්රපටය බවට පත්වෙන්නත් ටෝයි ස්ටෝරි 5 ට පුළුවන් වුණා. දැනට ලැබෙන දත්ත අනුව, මේ චිත්රපටය ලොව පුරා ඩොලර් බිලියන 1.022ක ආදායමක් උපයාගෙන තියෙනවා.
මේ චිත්රපටයේ අපේ ආදරණීය චරිත වන වුඩි, බස් ලයිට් ඉයර් සහ ජෙසී නැවතත් දකින්න ලැබීම රසිකයන්ට ලොකු සතුටක් වුණා. ඒ වගේම ග්රේටා ලී සහ කොනන් ඕ බ්රයන් වැනි නවක නළු නිළියන්ගේ හඬින් හැඩවුණු ලිලීපෑඩ් සහ ස්මාර්ටි පැන්ට්ස් වැනි අලුත් චරිතත් මේ කතාවට එකතු වෙලා තියෙනවා. ‘ද සුපර් මාරියෝ ගැLක්සි මූවි’ සහ ‘මයිකල්’ වැනි දැවැන්ත චිත්රපට පවා පසු කරමින්, මේ වසරේ වැඩිම ආදායමක් ලැබූ චිත්රපටය ලෙස ටෝයි ස්ටෝරි 5 ඉදිරියටම ඇවිත් තියෙනවා. ඔබ තවමත් මේ චිත්රපටය නරඹලා නැත්නම්, අනිවාර්යයෙන්ම ළඟම තියෙන සිනමා ශාලාවකට ගිහින් මේ අපූරු අත්දැකීම විඳගන්න පුළුවන්.

Discussion & Feedback