චීනයේ පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන ‘ලෑන්ඩ්ස්පේස්’ (LandSpace) විසින් අලුත්ම ඉතිහාසයක් නිර්මාණය කරමින් ඔවුන්ගේ ‘ෂුකේ-3’ (Zhuque-3) රොකට්ටුවේ පළමු අදියර සාර්ථකව පෘථිවිය මත ගොඩබස්වන්න සමත් වුණා. අගෝස්තු 18 වැනිදා සිදු වූ මෙම මෙහෙයුම චීන අභ්‍යවකාශ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් විදිහටයි සැලකෙන්නේ. මීට පෙර චීනය රොකට්ටුවක් මුහුදේ තිබූ දැලකට ගොඩබස්වන්න උත්සාහ කළත්, ගොඩබිමකදී රොකට්ටුවක් මෙලෙස සාර්ථකව ගොඩබස්වූ පළමු අවස්ථාව මෙයයි. ඇමරිකාවේ ස්පේස්-එක්ස් (SpaceX) සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුව මෙන්ම, මෙම රොකට්ටුවත් විශේෂිත කකුල් ආධාරයෙන් ඉතාම ආරක්ෂිතව ගොඩබිමට පැමිණීම විශේෂත්වයක්.
මෙම රොකට්ටුව දියර මීතේන් සහ දියර ඔක්සිජන් ඉන්ධන ලෙස භාවිතා කරන අතර, එය අභ්‍යවකාශ ගමන් සඳහා නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණයේ විශාල දියුණුවක් පෙන්නුම් කරනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු කළ පළමු උත්සාහය අසාර්ථක වුවත්, මෙවර ඔවුන් ඉතාම නිවැරදිව සිය ඉලක්කය සපුරා ගත්තා. මෙම සාර්ථකත්වයත් සමඟම චීනය අභ්‍යවකාශ තරඟයේ තවත් ඉදිරියට පැමිණ තිබෙනවා. අනාගතයේදී අභ්‍යවකාශ ගමන් වඩාත් ලාභදායී සහ පහසු කර ගැනීමට මෙම නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය ලොකු පිටුවහලක් වේවි. අභ්‍යවකාශ ක්ෂේත්රයේ මෙවැනි දියුණු තාක්ෂණික පියවරයන් දෙස ලෝකයම දැන් ඉතා උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback