ලොව පුරා රසිකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුප්රසිද්ධ ‘ටොප් ගන්’ (Top Gun) සිනමාපට මාලාව දැන් ලාස් වේගාස් නුවරට පැමිණීමට සූදානම් වෙනවා. පැරමවුන්ට් සමාගම සහ ඇඩ්වෙන්ට් ඇලන් එන්ටර්ටේන්මන්ට් එකතු වෙලා ලාස් වේගාස් තීරයේ අක්කර 2.48ක භූමියක මේ අලුත්ම විනෝදාස්වාද මධ්යස්ථානය ගොඩනඟන්න සැලසුම් කරලා තියෙනවා. මේ ස්ථානය පිහිටලා තියෙන්නේ ලාස් වේගාස් ගුවන්තොටුපළට ආසන්නව සහ සංචාරකයන් අතර ඉතාමත් ජනප්රිය ‘Welcome to Fabulous Las Vegas’ නාම පුවරුවට නුදුරින්. ඉදිරියේදී මේ ප්රදේශයේ ඉදිවෙන නව ක්රීඩාංගණ සහ අනෙකුත් පහසුකම් නිසා මේ ස්ථානය සංචාරකයන්ගේ ප්රධාන ආකර්ෂණයක් වේවි.
මේ නවතම ‘ටොප් ගන් වේගාස්’ (Top Gun Vegas) මධ්යස්ථානය හරහා රසිකයන්ට චිත්රපටයේ එන ලෝකය සැබෑවටම අත්විඳින්න පුළුවන්. විශේෂයෙන්ම ‘ටොප් ගන්: මැවරික්’ චිත්රපටයේ දැකගන්න ලැබුණු ‘හාඩ් ඩෙක්’ (Hard Deck) අවන්හල සහ බාර් එක මෙහිදී රසිකයන්ට අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගුවන් යානා පැදවීමේ උද්යෝගය සහ චිත්රපටයේ එන වීරත්වය, කණ්ඩායම් හැඟීම වැනි දේවල් ඉස්මතු වන අයුරින් මේ ස්ථානය නිර්මාණය කරන බවයි ඔවුන් පවසන්නේ. ටොම් කෲස් රංගනයෙන් දායක වන ටොප් ගන් තුන්වන චිත්රපටයත් මේ වන විට නිෂ්පාදනය වෙමින් පවතින නිසා, මේ නවතම අත්දැකීම රසිකයන්ට සැබෑ සතුටක් ගෙන දෙනු නොඅනුමානයි.

Discussion & Feedback