ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බොයිල් හයිට්ස් ප්‍රදේශයේ පිහිටි විශාල ශීතකරණ ගබඩාවක පසුගිය ජුනි මාසයේ ඇති වූ ගින්නකින් පසුව, මේ වන විට එම ප්‍රදේශයම දරාගත නොහැකි දුර්ගන්ධයකින් පිරී ගිහින්. ගින්නෙන් පසු ගබඩාවේ තිබූ මස්, මාළු සහ කුකුළු මස් ඇතුළු ආහාර කිලෝග්‍රෑම් මිලියන 39ක් පමණ නරක් වී තිබෙනවා. මාස දෙකක් ගතවී තිබුණත් තවමත් මේ අපද්‍රව්‍ය ඉවත් කිරීම නිසි ලෙස සිදුවී නැති නිසා ප්‍රදේශවාසීන් දැඩි පීඩාවකට පත්වෙලා. මේ දුර්ගන්ධය නිසා වමනය එන තරම් අපහසු බවත්, මළ සිරුරක ගඳක් වැනි බවත් ප්‍රදේශවාසීන් පවසනවා.
මේ තත්ත්වය නිසා ප්‍රදේශයේ මැස්සන් සහ මීයන් බහුල වී ඇති අතර, එය සෞඛ්‍ය ගැටලු රැසකට මග පාදමින් තිබෙනවා. ගබඩාව පවත්වාගෙන ගිය ‘ලිනේජ්’ සමාගම 80%ක් පමණ ආහාර ඉවත් කර ඇති බව පැවසුවත්, නගර බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බවයි. මේ නිසා කුඩා ව්‍යාපාරිකයන්ගේ ආදායම් මාර්ග පවා ඇණහිට තිබෙනවා. කෝපි වෙළඳසැලක් පවත්වාගෙන යන ඇලෙක්සිස් පවසන්නේ මැස්සන් වටලෑම සහ දුර්ගන්ධය නිසා පාරිභෝගිකයන් පැමිණීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පවසන්නේ තමන් ප්‍රදේශවාසීන්ගේ දුක්ගැනවිලි පිළිබඳව අවධානයෙන් සිටින බවයි. කෙසේ වෙතත්, බලධාරීන්ගේ මැදිහත්වීම ප්‍රමාද වීම සහ පවතින සෞඛ්‍ය අවදානම නිසා ජනතාව තවමත් දැඩි කලකිරීමකින් පසුවනවා. නගර සභාව විසින් අදාළ සමාගමට දඩ නියම කර තිබුණත්, ජනතාව ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම අපද්‍රව්‍ය ඉවත් කර සාමාන්‍ය පරිදි ජීවත් වීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි.

Discussion & Feedback