හෙට (04) දින කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කරලා තියෙනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා හෙට උදේ 9.00 ඉඳන් රාත්‍රී 9.00 වෙනකම් මේ ජල කප්පාදුව ක්‍රියාත්මක වෙනවා.
මුලින්ම ප්‍රකාශ කළ පරිදි කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට අමතරව, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර වගේ ප්‍රදේශවලටත් හෙට දවසේ ජලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම බත්තරමුල්ල, පැලවත්ත, හොකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, අයි.ඩී.එච්, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල කියන ප්‍රදේශවලටත් මේ ජල කප්පාදුව බලපානවා.
මේ නිසා අදාළ ප්‍රදේශවල ඉන්න පාරිභෝගිකයන්ට තමන්ට අවශ්‍ය ජලය කලින්ම ප්‍රමාණවත් පරිදි ගබඩා කරගෙන තියාගන්න කියලා ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටිනවා. නඩත්තු කටයුතු ඉක්මනින් අවසන් කරලා ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන්න ඔවුන් කටයුතු කරනවා. මේ කාලය තුළ ජල පද්ධතියේ යම් අඩු පීඩනයක් තිබුණත්, ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.

Discussion & Feedback