ඇමසන් එම්.ජී.එම් ස්ටුඩියෝස් නිෂ්පාදනය කරන අලුත්ම ‘ටොම්බ් රයිඩර්’ (Tomb Raider) කතාමාලාවේ රූගත කිරීම් අතරතුර බ්රිතාන්යයේ සෞඛ්ය සහ ආරක්ෂක නීති උල්ලංඝනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. බ්රිතාන්යයේ සෞඛ්ය සහ ආරක්ෂක විධායකය (HSE) විසින් සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, රූගත කිරීම් සිදුකළ ‘ප්රොජෙක්ට් ටෙම්පල් ප්රඩක්ෂන්ස්’ ආයතනය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැති බවයි. විශේෂයෙන්ම, වැඩබිමේදී තීන්ත ආලේප කිරීමේදී භාවිතා කරන රසායනික ද්රව්යවලින් සේවකයන් ආරක්ෂා කර ගැනීමට අවශ්ය ‘ජෛව නිරීක්ෂණ’ (biological monitoring) ක්රියාවලිය ඔවුන් නිසි ලෙස සිදුකර නොතිබීම මෙයට ප්රධාන හේතුවක් වෙලා තියෙනවා.
මෙම රසායනික ද්රව්ය ආශ්වාස කිරීමෙන් සේවකයන්ට ඇදුම වැනි රෝගාබාධ ඇතිවීමේ අවදානමක් පවතින නිසා, ඒ සම්බන්ධයෙන් දැඩි නීති රීති පවතිනවා. කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් පසු අදාළ නිෂ්පාදන ආයතනයට අප්රේල් මාසයේදී දෝෂ නිවැරදි කරගන්නා ලෙස දැනුම් දීමක් ලැබුණු අතර, මාසයක් ඇතුළත ඔවුන් එම නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර තිබෙනවා. පසුගිය වසර හතර තුළ මෙවැනි නීතිමය ගැටලුවලට මුහුණ දුන් නිෂ්පාදන අතරින් ‘ටොම්බ් රයිඩර්’ වඩාත්ම ප්රසිද්ධ නිර්මාණය බවට පත්වෙලා තියෙනවා.
මේ අතර, මෙම කතාමාලාවේ ප්රධාන චරිතයට පණ පොවන සෝෆි ටර්නර් රූගත කිරීම් අතරතුර සුළු අනතුරකට ලක්වීම නිසා සති දෙකක කාලයක් රූගත කිරීම් නතර කිරීමටත් නිෂ්පාදක කණ්ඩායමට සිදුවුණා. ෆීබි වෝලර්-බ්රිජ්ගේ නිර්මාණයක් වන මෙම කතාමාලාව ලොව පුරා රසිකයන් අතර විශාල බලාපොරොත්තුවක් ඇති කර තිබුණත්, මෙවැනි සිදුවීම් නිසා එය මේ වන විට කතාබහට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback