ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත් ‘Blue Bloods’ රූපවාහිනී කතාමාලාව හදිසියේම අවසන් කිරීම සම්බන්ධයෙන් එහි ප්රධාන නළු ටොම් සෙලෙක් තවමත් ඉන්නේ ලොකු කලකිරීමකින්. වසර 14ක් පුරා සාර්ථකව විකාශය වුණු මේ කතාමාලාව නතර නොකර ඉදිරියට ගෙන යන්න රංගන ශිල්පීන් හැමෝම තමන්ගේ වැටුපෙන් 25%ක් කැප කරන්න පවා එකඟ වෙලා තිබුණා. ඒත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නැහැ. ටොම් සෙලෙක් කියන විදිහට, කතාමාලාව අවසන් වෙනකොටත් එය ඇමරිකාවේ ජනප්රියම වැඩසටහන් 100 අතර 6 වැනි ස්ථානයේ තිබුණා. ඒ නිසා කවුරුත් මේ කතාවෙන් ඉවත් වෙන්න කැමති වුණේ නැහැ.
ඇත්තටම මේ කණ්ඩායම එක පවුලක් වගේ වැඩ කළේ. සාමාන්යයෙන් රූපවාහිනී වැඩසටහන්වලදී නළු නිළියන් අතර විවිධ ගැටුම් ඇති වුණත්, ‘Blue Bloods’ කට්ටිය අතර එහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ කියලා ඔහු පවසනවා. ඒ වගේම මේ වගේ දීර්ඝ කාලයක් එකම නළු පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම වාසනාවක් විදිහටයි ඔහු දකින්නේ. කොහොම වුණත්, මේ කතාමාලාව අවසන් වුණත් එහි ප්රධාන චරිතයක් වුණු ඩැනී රීගන්ගේ චරිතය ඔස්සේ ‘Boston Blue’ නමින් අලුත් කතාමාලාවක් දැන් විකාශය වෙනවා. රසිකයින්ට තවමත් ඒ චරිත එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙන එක නම් සතුටක්.

Discussion & Feedback