හොලිවුඩ් සිනමාවේ සුපිරි තරු දෙපළක් වන ටොම් හොලන්ඩ් සහ සෙන්ඩයා මේ දිනවල සිනමා ලෝකයම කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා. ඔවුන් රංගනයෙන් දායක වුණු අලුත්ම මාර්වල් චිත්රපටය වන ‘Spider-Man: Brand New Day’ මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා සියල්ලම අලුත් කරමින් දැවැන්ත සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. විශේෂම දේ තමයි, මීට පෙර සති දෙකක් පුරා ප්රදර්ශනය වෙමින් අංක එකේ රැඳී සිටි ක්රිස්ටෝපර් නෝලන්ගේ ‘The Odyssey’ චිත්රපටය පරදවමින් මෙම නවතම ස්පයිඩර්-මාන් චිත්රපටය ඉහළටම පැමිණීමයි.
මෙම ජයග්රහණය සිනමා ඉතිහාසයේ ඉතාමත් දුර්ලභ සිදුවීමක් විදියටයි සැලකෙන්නේ. මොකද, ‘The Odyssey’ සහ ‘Spider-Man: Brand New Day’ කියන චිත්රපට දෙකේම ප්රධාන චරිත නිරූපණය කරන්නේ ටොම් හොලන්ඩ්, සෙන්ඩයා සහ ජෝන් බර්න්තාල් කියන එකම නළු නිළියන් කණ්ඩායමයි. එකම නළු කණ්ඩායමක් රඟපාන චිත්රපට දෙකක් පිට පිටම බොක්ස් ඔෆිස් අංක එකට පැමිණීම පසුගිය වසර 30කට වැඩි කාලයකදී සිදුවූයේ නැහැ. මේ හරහා ටොම් සහ සෙන්ඩයාගේ රංගන හැකියාව සහ ඔවුන්ට ඇති ජනප්රියත්වය කෙතරම්ද යන්න මනාව පැහැදිලි වෙනවා.
ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘Avengers: Doomsday’ සහ ‘Dune: Part Three’ චිත්රපට හරහාත් මේ තරු දෙපළට තවත් වාර්තා තැබීමේ අවස්ථාවක් තියෙනවා. 1994 වසරේ ජිම් කැරී තැබූ වාර්තාවට සමාන ජයග්රහණයක් මේ වසරේදී ඔවුන්ට ලබාගන්න පුළුවන් වෙයිද කියලා මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. කොහොම වුණත්, මේ වන විටත් ඔවුන් සිනමා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් තමයි ඉදිරියට යන්නේ.

Discussion & Feedback