හොලිවුඩයේ ජනප්රිය නළු ටොම් හොලන්ඩ් මේ දවස්වල ලොකු කතාබහකට ලක්වෙලා ඉන්නවා. ඒ ක්රිස්ටෝපර් නෝලන්ගේ අලුත්ම දැවැන්ත නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) චිත්රපටයේ රඟපාද්දී ඔහුට මුහුණ දෙන්න වුණ අමුතු අත්දැකීමක් නිසා. මේ චිත්රපටයේ ටෙලිමාකස්ගේ චරිතයට පණ පොවන ටොම් කියන විදිහට, රූගත කිරීම්වල පළවෙනි දවසේ ඔහු හිතාගෙන ඉඳලා තියෙන්නේ තමන්ගේ රංගනය හරි නැති නිසා අධ්යක්ෂකවරයා නිතරම දර්ශන නවත්වනවා කියලා. ඇත්තටම ඔහු හිතුවේ තමන් මේ චරිතයට හරියන්නේ නැහැ කියලා ලොකු බයකින්ලු හිටියේ.
පස්සේ තමයි ටොම්ට දැනගන්න ලැබුණේ මේ චිත්රපටය සම්පූර්ණයෙන්ම IMAX කැමරා තාක්ෂණයෙන් රූගත කරන නිසා, ඒ කැමරාවලට එක දිගට රූගත කරන්න පුළුවන් වෙන්නේ විනාඩි තුනක් විතරයි කියලා. ඒක දැනගත්තට පස්සේ තමයි ටොම්ට ලොකු සහනයක් දැනුණේ. මේ චිත්රපටය සම්පූර්ණයෙන්ම IMAX තාක්ෂණයෙන් නිර්මාණය වුණු පළවෙනි චිත්රපටය වීමත් විශේෂත්වයක්. මැට් ඩේමන්, ඈන් හැත්වේ වගේ දැවැන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මේ චිත්රපටය ජූලි 17 වෙනිදා තිරගත වෙන්න නියමිතයි. නෝලන්ගේ මේ අලුත්ම උත්සාහය සිනමා ලෝලීන් අතර ලොකු කුතුහලයක් ඇති කරලා තියෙනවා.

Discussion & Feedback