ලෝක ප්රසිද්ධ හොලිවුඩ් නළු ටොම් හොලන්ඩ් මේ දවස්වල තමන්ගේ අලුත්ම වැඩක් ගැන රසිකයන්ට ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ තමයි පුරාවෘත්තයක් වුණු නර්තන ශිල්පී ෆ්රෙඩ් ඇස්ටෙයාර්ගේ චරිතය නිරූපණය කරන චිත්රපටය. මේ ගැන ‘ගුඩ් මෝනිං ඇමරිකා’ වැඩසටහනට අදහස් දක්වපු ටොම් කිව්වේ, තමන් මේ චරිතය වෙනුවෙන් ආයෙමත් නැටුම් පුහුණුවීම් පටන් ගන්න සූදානම් වෙනවා කියලයි. ඇත්තටම මේ චරිතය ගැන හිතද්දී තමන්ට එක පැත්තකින් ලොකු උද්යෝගයක් දැනුනත්, අනෙක් පැත්තෙන් ෆ්රෙඩ් ඇස්ටෙයාර්ගේ ඒ විශිෂ්ට නර්තන විලාසය කොහොමද හරියටම කරන්නේ කියන බයත් තියෙනවා කියලා ඔහු විවෘතවම කිව්වා.
මේ චිත්රපටයේ විශේෂම දේ තමයි ටොම් හොලන්ඩ් මේ නැටුම් දර්ශන කිසිම ද්විත්ව නළුවෙක් (body double) නැතුව තනියම කරන්න බලාපොරොත්තු වෙන එක. ෆ්රෙඩ් ඇස්ටෙයාර් එදා කරපු විදිහටම, කිසිම කැපුමක් නැතුව එක දිගට රූගත කරන ‘ඔනර්ස්’ (oners) ක්රමයට මේ නැටුම් ටික කරන්න තමයි ඔහු සැලසුම් කරන්නේ. මේක ඇත්තටම ලොකු අභියෝගයක් වුණත්, තමන්ගේ රැකියාවේ තියෙන අභියෝග වලට තමන් ගොඩක් ආසයි කියලා ඔහු වැඩිදුරටත් කිව්වා. කොහොම වුණත්, ‘බිලී එලියට්’ සංගීතමය නාට්යයෙන් කලාවට ආපු ටොම්ට මේ වගේ නර්තන චරිතයක් සාර්ථකව කරලා ෆ්රෙඩ් ඇස්ටෙයාර්ගේ නමට ගෞරවයක් කරන්න පුළුවන් වෙයි කියලා රසිකයෝ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

Discussion & Feedback