ලොව පුරා රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටින ‘ස්පයිඩර් මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ (Spider-Man: Brand New Day) චිත්රපටය ගැන ප්රධාන නළු ටොම් හොලන්ඩ් අලුත්ම තොරතුරු ටිකක් හෙළි කරලා තියෙනවා. ඔහු කියන විදිහට මේ හතරවෙනි කොටස කලින් ආපු චිත්රපටවලට වඩා ගොඩක් වෙනස්. මේක වඩාත් පරිණත, ටිකක් අඳුරු තේමාවක් තියෙන කතාවක් විදිහට තමයි ඔහු හඳුන්වන්නේ. විශේෂයෙන්ම තරුණ පරපුරට මේ කතාව ගොඩක් සමීප වෙන්න පුළුවන් කියලා ඔහු විශ්වාස කරනවා.
මේ කතාවේදී පීටර් පාකර්ට මුහුණ දෙන්න වෙන්නේ ලෝකයම ඔහුව අමතක කරපු අමුතුම තත්ත්වයකට. තමන්ගේ යාළුවෝ තමන්ව අමතක කරලා ජීවිතේ ඉස්සරහට යනකොට පීටර්ට දැනෙන තනිකම සහ ඒ වගේ අභියෝගාත්මක තත්ත්වයන් ගැන මේ චිත්රපටයෙන් ලස්සනට පෙන්නුම් කරනවා. අලුත් නගරයකට ගිහින් තනි වුණාම දැනෙන හැඟීම වගේම, තමන් ළඟම ඉන්න වටිනාම දේවල් මගහැරෙන හැටි ගැන මේකෙන් කතා කරනවා. ඩෙස්ටින් ඩැනියෙල් ක්රෙටන්ගේ අධ්යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්රපටයේ සෙන්ඩයා, මාර්ක් රෆලෝ වගේ ජනප්රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්රපටය එළඹෙන ජූලි 31 වෙනිදා ලෝකය පුරා තිරගත වෙන්න නියමිතයි. තමන්ගේ අනන්යතාවය ලෝකයට අමතක වුණත්, තමන් ආදරය කරන අයව ආරක්ෂා කරන්න පීටර් පාකර් ගන්නා උත්සාහය මේ චිත්රපටයේදී බලාගන්න පුළුවන්. ඉතින් ස්පයිඩර් මෑන් රසිකයෙක් විදිහට මේ අලුත්ම අත්දැකීම විඳගන්න ඔයාලත් ලෑස්ති වෙන්න.

Discussion & Feedback