ජනප්රිය හොලිවුඩ් නළු ටොම් හොලන්ඩ් නැවතත් ස්පයිඩර්-මෑන් ලෙසින් සිනමා ලෝලීන් අතරට එන්න සූදානම් වෙන්නේ ‘ස්පයිඩර්-මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ චිත්රපටය හරහායි. මේ චිත්රපටය ගැන අලුත්ම තොරතුරු ගැන කතා කරන අතරතුර ටොම් හොලන්ඩ් රසවත් කතාවක් කියලා තියෙනවා. ඒ තමයි මේ චිත්රපටය එඩිට් කරන කාලේ ඒකේ විවිධ සංස්කරණ කිහිපයක්ම ඔවුන් දැකලා තියෙනවා. ඒ අතරින් එකක් ගැන නම් ඔහුට තියෙන්නේ හරිම කලකිරීමක්. මොකද ඒ සංස්කරණය ඔහු ඇතුළු කණ්ඩායම දැක්කම ඒකට ගොඩක් අකමැති වෙලා තියෙනවා.
මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වපු ටොම් කියන්නේ, චිත්රපටය බලපු සාමාන්ය ප්රේක්ෂකයන්ගේ අදහස් සහ යෝජනා සියල්ල එකතු කරලා ඒ අනුව චිත්රපටයේ වෙනස්කම් කරලා තිබුණා. හැබැයි ඒක ඇත්තටම වැඩ කළේ නැහැ. ඒක ප්රේක්ෂකයන්ට අවශ්ය දේ වුණාට, නිර්මාණකරුවන් විදිහට ඔවුන්ට අවශ්ය දේ ඒක නෙවෙයි කියලා ඔහු පවසනවා. ඒ අත්දැකීමෙන් ඔවුන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම චිත්රපටයක් එඩිට් කරන කාමරයේදී දහස් වතාවක් වුණත් වෙනස් වෙන්න පුළුවන් බව ඔහු පෙන්වා දෙනවා.
මේ චිත්රපටයේදී පීටර් පාකර්ගේ චරිතය වෙනදාට වඩා වෙනස් විදිහකට අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඩොක්ටර් ස්ට්රේන්ජ්ගේ මැජික් එකෙන් පස්සේ මුළු ලෝකයම ඔහුව අමතක කරලා තියෙද්දී, ඔහු රහසින් නිව්යෝර්ක් නගරය ආරක්ෂා කරනවා. ඒ අතරේ ඔහුගේ බලයන් අමුතුම සහ භයානක විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අලුත්ම ස්පයිඩර්-මෑන් අත්දැකීම රසවිඳින්න සිනමා ලෝලීන් ගොඩක් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback