හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු ටොම් හොලන්ඩ් මේ දිනවල තමන් රඟපාන අලුත්ම චිත්රපට දෙකක් වන ‘ද ඔඩිසි’ සහ ‘ස්පයිඩර් මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ ප්රවර්ධන කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙලා ඉන්නවා. මේ චිත්රපට දෙකම ගැන ඔහු ඉන්නේ හරිම සතුටින්. ඔහු කියන විදිහට තමන් ආඩම්බර වෙන නිර්මාණයක් ගැන කතා කරන එක හරිම ලේසි වැඩක්. මොකද ඒ වෙලාවට ප්රේක්ෂකයන්ට චිත්රපටය බලන්න එන්න කියලා ආරාධනා කරද්දී බොරුවක් කරන්න අවශ්ය වෙන්නේ නැහැ.
නමුත් ටොම් හොලන්ඩ් ඉතාම අවංකවම කියනවා තමන්ගේ පසුගිය කාලේ කරපු සමහර චිත්රපට ගැන නම් ඔහුට තියෙන්නේ ලොකු කලකිරීමක් කියලා. සමහර චිත්රපට ප්රවර්ධනය කරන්න ගියාම ඔහුට හිතෙනවලු මේ චිත්රපටය බලන්න එපා කියලා කියන්න ඕනේ කියලා. මොකද ඒ චිත්රපට ඇත්තටම ‘කුණු ගොඩවල්’ (shit) වගේ නිසා. තමන් රඟපාන චිත්රපටයක් ගැන ප්රසිද්ධියේ මෙහෙම අදහසක් ප්රකාශ කිරීම හොලිවුඩ් නළුවෙක්ගෙන් අහන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්.
දැනට තිරගත වන ‘ද ඔඩිසි’ චිත්රපටය ලෝකය පුරාම සාර්ථකව ප්රදර්ශනය වෙමින් ඩොලර් මිලියන 300ක ආදායමක් ඉක්මවා ගිහින් තියෙනවා. ඒ වගේම ජූලි 31 වැනිදා තිරගත වීමට නියමිත ‘ස්පයිඩර් මෑන්: බ්රෑන්ඩ් නිව් ඩේ’ චිත්රපටයත් රසිකයන් අතර ලොකු බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා. මේ චිත්රපට දෙකම තමන්ගේ වෘත්තීය ජීවිතයේ ජයග්රාහී සන්ධිස්ථානයක් විදිහට දකින බවයි ටොම් හොලන්ඩ් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback