හොලිවුඩ් සුපිරි නළු ටොම් හාඩි ප්රධාන චරිතයකට පණ පොවන ‘MobLand’ අපරාධ කතා මාලාවේ දෙවන සමය ලබන සැප්තැම්බර් 18 වනදා සිට Paramount+ ඔස්සේ ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. පළමු සමය හරහා ඉතා ඉහළ ප්රතිචාර ලබාගත් මෙම කතා මාලාව, ලන්ඩන් නුවර ගැටුම්කාරී පාතාල කල්ලි දෙකක් අතර පවතින අරගලය වටා ගෙතී තිබෙනවා. ටොම් හාඩි මෙහි ‘හැරී ද සූසා’ ලෙසින් සිදුකරන රංගනය ප්රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්රිය වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය කාලයේ මෙම කතා මාලාව සම්බන්ධයෙන් විවිධ මතභේද ඇති වුණා. නිෂ්පාදකවරුන් සමඟ ඇති වූ මත ගැටුම් හේතුවෙන් ටොම් හාඩිව කතා මාලාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පළ වුණත්, මේ වන විට එම ගැටලු විසඳෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසන්නේ. එම නිසා තුන්වන සමය සඳහාත් ටොම් හාඩි නැවත එක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ‘Peaky Blinders’ හෝ ‘Taboo’ තරම් චරිතාංග රංගනයකට ඉඩක් මෙහි නොලැබුණත්, ටොම් හාඩිගේ රසිකයන්ට ඔහුගේ රංගන විලාසය නැවත වරක් මෙම නව කතා මාලාවෙන් දැක බලා ගැනීමට පුළුවන්.
මෙම කතා මාලාව අධ්යක්ෂණය සහ නිෂ්පාදනය අතින් ඉතා ඉහළ මට්ටමක පවතින අතර, පාතාල ලෝකයේ සැඟවුණු පැතිකඩ ඉතා ආකර්ෂණීය ලෙස මෙහි නිරූපණය කර තිබෙනවා. සතියෙන් සතිය විකාශය වන මෙම කතා මාලාව නැරඹීමට බොහෝ දෙනා මේ වන විටත් බලාපොරොත්තුවෙන් පසුවනවා.

Discussion & Feedback