හොලිවුඩයේ දක්ෂ නළුවෙක් වන ටොම් හාඩි සහ ප්රසිද්ධ අධ්යක්ෂක ගයි රිචී එකතු වෙලා නිර්මාණය කරපු ‘මොබ්ලෑන්ඩ්’ (MobLand) අපරාධ කතාමාලාව මේ දවස්වල අන්තර්ජාලය පුරාම ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේ කතාමාලාව Paramount+ වේදිකාවේ ඇමරිකානු Top 10 ලැයිස්තුවේ දින 90ක් පුරාවටම රැඳී සිටිමින් සුවිශේෂී වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා. මේ වෙද්දී ලෝකය පුරාම වැඩිපුරම නරඹන කතාමාලා අතර තුන්වෙනි තැනටත් මේක පත්වෙලා ඉන්නවා කියන එක ඇත්තටම ලොකු ජයග්රහණයක්. විශේෂයෙන්ම මේ කතාමාලාවේ දෙවෙනි සීසන් එකේ මුල් කොටස් දෙකම ගයි රිචී විසින්ම අධ්යක්ෂණය කරලා තියෙන නිසා රසිකයන් අතර මේකට තියෙන්නේ ලොකු උනන්දුවක්.
ඇත්තටම මේ කතාමාලාව ගැන පසුගිය කාලේ විවිධ කටකතා පැතිරුණා. ටොම් හාඩි මේ කතාමාලාවෙන් ඉවත් කරනවා කියලා ආරංචි වුණත්, ඒ සියල්ල බොරු කරමින් ඔහු තුන්වෙනි සීසන් එකටත් සම්බන්ධ වෙනවා කියලා දැන් තහවුරු කරලා තියෙනවා. හෙලන් මිරන් සහ පියර්ස් බ්රොස්නන් වගේ දැවැන්ත නළු නිළියන් එක්ක ටොම් හාඩි එකතු වෙලා කරන මේ අපරාධ කතාමාලාව, ඕනෑම කෙනෙක්ට නොවරදවාම බලන්න පුළුවන් සුපිරි නිර්මාණයක් විදිහට තමයි දැන් හැඳින්වෙන්නේ. මොන ප්රශ්න ආවත් ‘මොබ්ලෑන්ඩ්’ තමන්ගේ ජනප්රියත්වය කිසිම අඩුවක් නැතුව පවත්වාගෙන යනවා.

Discussion & Feedback