ලෝක ප්රකට හොලිවුඩ් නළු ටොම් කෲස් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය වන ‘ඩිගර්’ (Digger) හි ලෝක මංගල දර්ශනය පසුගියදා ලන්ඩනයේ ලෙස්ටර් චතුරශ්රයේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. මෙම අවස්ථාවට වේල්ස් කුමරු විලියම් සහ කුමරිය කැතරින් ද සහභාගී වීම විශේෂත්වයක්. එක්සත් රාජධානියේ චිත්රපට සහ රූපවාහිනී පුණ්යායතනයට සහය දැක්වීම සඳහා පැවැත්වූ මෙම රාජකීය සිනමා දර්ශනයට ටොම් කෲස් සමඟ අධ්යක්ෂ ඇලෙහාන්ඩ්රෝ ගොන්සාලෙස් ඉනාරිටු ඇතුළු චිත්රපටයේ රංගන ශිල්පීන් රැසක් එක්ව සිටියා. රතු පලස මතදී රාජකීය යුවළ චිත්රපට කණ්ඩායම සමඟ සුහද කතාබහක නිරත වූ අතර, ටොම් කෲස් විසින් රාජකීය පවුලට සිය ස්තූතිය පුද කරනු ලැබුවා.
මෙම චිත්රපටයේදී ටොම් කෲස් නිරූපණය කරන්නේ ලෝකයේ බලවත්ම තෙල් ව්යාපාරිකයා වන ‘ඩිගර් රොක්වෙල්’ නම් චරිතයයි. තමන් විසින්ම ඇති කළ පාරිසරික ව්යසනයකින් ලෝකය විනාශ වීමට පෙර, තමන් මානව වර්ගයාගේ ගැලවුම්කරුවා බව ඔප්පු කිරීමට ඔහු දරන උත්සාහය මෙම චිත්රපටයෙන් දැකගන්න පුළුවන්. අධ්යක්ෂ ඉනාරිටු පවසන පරිදි, ටොම් කෲස් මෙම චරිතය සඳහා දැක්වූ කැපවීම සහ ධනාත්මක ශක්තිය ඇත්තෙන්ම පුදුම සහගතයි. සැප්තැම්බර් 30 වනදා සිට ජාත්යන්තරව තිරගත වීමට නියමිත මෙම සිනමා නිර්මාණය, ඔක්තෝබර් 2 වනදා සිට උතුරු ඇමරිකාව ඇතුළු රටවල් රැසක ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් මේ වන විටත් මෙම චිත්රපටය නැරඹීමට දැඩි උනන්දුවකින් පසුවන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback