ලෝක ප්‍රකට නිකොන් සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘Small World In Motion’ ක්ෂුද්‍ර ඡායාරූප තරගයේ මෙවර ජයග්‍රාහකයා සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. චීනයේ සිංහුවා විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිං ෂු විසින් ඉදිරිපත් කළ වීඩියෝවක් තමයි මේ තරගයේ ජයග්‍රාහකයා ලෙස නම් කර තිබුණේ. මිනිස් ශ්වසන පද්ධතියේ ඇති සෛලවල ක්‍රියාකාරීත්වය පෙන්වන මේ වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ එකක් බවට විද්‍යාඥයන් පිරිසක් චෝදනා කරනවා. විශේෂයෙන්ම වීඩියෝවේ ඇති සෛලවල හැඩතල සහ චලනයන් ස්වභාවික ඒවාට වඩා වෙනස් බවත්, සමහර කොටස් හදිසියේ මතුවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය නිං ෂු පවසන්නේ තමන් තරගයේ නීති උල්ලංඝනය කර නොමැති බවයි. රූපරාමු පැහැදිලි කර ගැනීම සඳහා පමණක් AI තාක්ෂණය යොදාගත් බව ඔහු පිළිගන්නවා. කෙසේ වෙතත්, තරගයේ නීතිවලට අනුව ජනක කෘත්‍රිම බුද්ධිය (Generative AI) භාවිත කිරීම තහනම්. මේ නිසා නිකොන් සමාගම මේ වන විටත් අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. විද්‍යාත්මක පර්යේෂණ සහ කලාව මුසු වූ මෙවැනි තරගයකදී මෙවැනි සැක සහිත සිදුවීම් වාර්තා වීම සැබෑ විද්‍යාඥයන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ. නිකොන් සමාගම පවසන්නේ පරීක්ෂණ අවසානයේ ඔවුන් මේ ගැන නිල ප්‍රකාශයක් කරන බවයි.

Discussion & Feedback