හොලිවුඩයේ දැවැන්ත අධ්යක්ෂවරුන් දෙපළක් වන ක්වෙන්ටින් ටැරන්ටිනෝ සහ ඩේවිඩ් ෆින්චර් එකතු වෙලා නිර්මාණය කරන ‘ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ක්ලිෆ් බූත්’ (The Adventures of Cliff Booth) චිත්රපටය ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘වන්ස් අපන් අ ටයිම් ඉන් හොලිවුඩ්’ චිත්රපටයේ බ්රැඩ් පිට් රඟපෑ ක්ලිෆ් බූත් චරිතය වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ චිත්රපටයේ තිර රචනය ටැරන්ටිනෝ විසින් ලියලා තියෙන අතර අධ්යක්ෂණය කරන්නේ ඩේවිඩ් ෆින්චර් විසින්. මේ ගැන අදහස් දක්වපු නළු ටිමති ඔලිෆන්ට් කියන්නේ, මේක ටැරන්ටිනෝගේ දෙබස් සහ ෆින්චර්ගේ දෘශ්යමය තාක්ෂණය එකතු වුණු හරිම අපූරු මිශ්රණයක් කියලා.
ටැරන්ටිනෝ තමන්ගේ දහවැනි චිත්රපටයෙන් පස්සේ විශ්රාම ගන්න තීරණය කරලා තියෙන නිසා, මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්න ඔහු ෆින්චර්ව තෝරාගෙන තියෙනවා. බ්රැඩ් පිට් සහ ටිමති ඔලිෆන්ට් පමණක් මුල් චිත්රපටයෙන් මේකට සම්බන්ධ වෙන අතර, කතාව දිවෙන්නේ ක්ලිෆ් බූත් විශ්රාම ගිහින් හොලිවුඩ් ‘ෆික්සර්’ කෙනෙක් විදිහට වැඩ කරන කාලය ගැනයි. මේ චිත්රපටය 2026 නොවැම්බර් 25 වැනිදා IMAX හරහා තිරගත වෙන්න නියමිත අතර, දෙසැම්බර් 23 වැනිදා සිට නෙට්ෆ්ලික්ස් (Netflix) ඔස්සේ ඔයාලට බලන්න පුළුවන්. ටැරන්ටිනෝගේ අත්සන වගේම ෆින්චර්ගේ තාක්ෂණික දක්ෂතාවයත් එකම තැනක දකින්න ලැබෙන නිසා මේක සිනමා ලෝලීන්ට අලුත් අත්දැකීමක් වේවි.

Discussion & Feedback