හොලිවුඩයේ අතිශය ජනප්රිය වුණු ‘Once Upon A Time… in Hollywood’ චිත්රපටයේ දෙවන කොටස විදිහට ‘The Further Mis-Adventures of Cliff Booth’ චිත්රපටය එන්න ලෑස්තියි කියලා නෙට්ෆ්ලික්ස් ආයතනය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. මේ අලුත්ම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ප්රවීණ අධ්යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින්. බ්රැඩ් පිට් නැවතත් ක්ලිෆ් බූත්ගේ චරිතයෙන් ප්රේක්ෂකයන් අතරට එන මේ චිත්රපටය, මුල් චිත්රපටයෙන් වසර අටකට පස්සේ සිදුවන සිදුවීම් මාලාවක් වටා තමයි ගෙතෙන්නේ. මෙහි මිනීමැරුම්, බ්ලැක්මේල් කිරීම් සහ හොරකම් වගේම තවත් ගොඩක් කුතුහලය දනවන දේවල් බලාගන්න පුළුවන්.
මේ චිත්රපටය නොවැම්බර් 25 වැනිදා ඉඳන් සති දෙකක කාලයක් ලොව පුරා තියෙන IMAX සිනමාහල්වල විශේෂ දර්ශනයක් විදිහට තිරගත වෙන්න නියමිතයි. ඊට පස්සේ දෙසැම්බර් 23 වැනිදා ඉඳන් නෙට්ෆ්ලික්ස් හරහා ඔයාලට මේක ගෙදර ඉඳන්ම බලන්න පුළුවන්. කතාවේ හැටියට ක්ලිෆ් බූත් දැන් හොලිවුඩයේ ඉන්න ප්රසිද්ධ සහ අප්රසිද්ධ පුද්ගලයන්ගේ ප්රශ්න විසඳන ‘ෆික්සර්’ කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට සහ ප්රොජෙක්ෂන් ශිල්පියෙක් විදිහට වැඩ කරන ගමන්, තමන්ගේ සුවිශේෂී හැකියාවන් පාවිච්චි කරලා හොලිවුඩයේ තියෙන අඳුරු පැතිකඩවල් විසඳන්න ඔහුට සිද්ධ වෙනවා. බ්රැඩ් පිට්ගේ රසිකයන්ට නම් මේක ඇත්තටම සුපිරි අත්දැකීමක් වෙයි කියලා අපිට විශ්වාසයි.

Discussion & Feedback