ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ට සිදුකළ ලිංගික අපයෝජනය සහ අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දුවෙන් නියම වූ ඇමරිකානු ඩොලර් මිලියන 5ක වන්දි මුදල වහාම ගෙවන ලෙස ලේඛිකා ඊ ජීන් කැරොල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 1990 දශකයේදී මැන්හැටන්හි වෙළඳසැලකදී ට්‍රම්ප් තමන්ට අතවර කළ බවට ඇය චෝදනා කර තිබූ අතර, පසුව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට අපහාස කිරීම හේතුවෙන් මෙම සිවිල් නඩුව ගොනු කෙරුණා. ට්‍රම්ප් මෙම නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම අභියාචනා ඉදිරිපත් කළත්, එම සියලු උත්සාහයන් පසුගියදා අසාර්ථක වුණා.
කැරොල්ගේ නීතිඥවරු පවසන්නේ වසර හතරක් පුරා පැවති මෙම නඩු විභාගය තවදුරටත් ඇදගෙන යාමට ට්‍රම්ප් උත්සාහ කළත්, මේ වන විට පොලී සහිතව ඩොලර් මිලියන 5.8ක් දක්වා ඉහළ ගොස් ඇති මෙම වන්දි මුදල ගෙවීමට ඔහුට සිදුවන බවයි. ට්‍රම්ප් තවමත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් එය ව්‍යාජ නඩුවක් බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වනවා. කෙසේ වෙතත්, නීතිඥවරුන් අවධාරණය කරන්නේ නීතිමය ක්‍රියාමාර්ග සියල්ල අවසන් වී ඇති බැවින් තවදුරටත් කල් දැමීමකින් තොරව වන්දි මුදල ගෙවීමට ට්‍රම්ප් කටයුතු කළ යුතු බවයි. මෙම සිදුවීම ඇමරිකානු දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Discussion & Feedback