හොලිවුඩයේ ජනප්රිය තරුවක් වන එමා ස්ටෝන් සහ ක්රිස් පයින් රංගනයෙන් දායක වන ‘ද කැච්’ (The Catch) චිත්රපටයට තවත් ප්රවීණ නළු නිළියන් දෙපළක් එකතු වෙන්නයි මේ සූදානම. ඒ තමයි ටිම් රොබින්ස් සහ සිසි ස්පේසෙක්. මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ඩේව් මැකරි විසින්. මේ වන විටත් ඇෂ්ලි පැඩිලා සහ ඩ්රස්කි වැනි තරු ද මේ චිත්රපටයට සම්බන්ධ වී සිටිනවා. 2027 වසරේ මැයි 21 වැනිදා තිරගත වීමට නියමිත මේ චිත්රපටය ක්රීඩා පසුබිමක් සහිත ආදර කතාවක් (Rom-Com) විදිහට තමයි නිර්මාණය වෙන්නේ.
මේ චිත්රපටයේ කතාව ගැන වැඩි විස්තර තවමත් රහසක් විදිහට තියාගෙන හිටියත්, ආරංචි මාර්ග කියන විදිහට මේක ‘බුල් ඩර්හැම්’ සහ ‘නොටින් හිල්’ වැනි චිත්රපටවල ආභාෂය ලබමින් නිර්මාණය වන්නක්. විශේෂයෙන්ම ටිම් රොබින්ස් මීට වසර ගණනාවකට කලින් ‘බුල් ඩර්හැම්’ චිත්රපටයෙන් තමයි හොලිවුඩයේ ලොකු ජනප්රියත්වයක් ලැබුවේ. ඒ නිසා මේ චිත්රපටය ඔහුටත් ඉතා විශේෂ එකක් වේවි. එමා ස්ටෝන් ඇතුළු පිරිස නිෂ්පාදනයෙන් දායක වන මේ චිත්රපටය ගැන රසිකයන් අතර ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ටිම් රොබින්ස් මෑතකදී ‘සයිලෝ’ (Silo) ටෙලි කතා මාලාවෙන් අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම සිසි ස්පේසෙක් ජෙනිෆර් ලෝරන්ස් සමඟ ‘ඩයි, මයි ලව්’ (Die, My Love) චිත්රපටයේ රඟපෑවා. මේ ප්රවීණ නළු නිළියන් දෙපළගේ එකතුවත් එක්ක ‘ද කැච්’ චිත්රපටය හොලිවුඩයේ තවත් සාර්ථක නිර්මාණයක් වේවි කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback