තමන් මුහුණ දුන් දුර්ලභ ගණයේ පිළිකා රෝගී තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවෘතව කතා කළ ජනප්‍රිය ටික්ටොක් තරුවක් වන සිඩ්නි ටෝල් වයස අවුරුදු 26 දී අභාවප්‍රාප්ත වෙලා. ඇය වසර තුනක පමණ කාලයක් ‘cholangiocarcinoma’ නම් වූ ඉතා දරුණු පිළිකා තත්ත්වයක් සමඟ ඉතා නිර්භීතව සටන් කළා. ඇයගේ පවුලේ අය මේ කනගාටුදායක පුවත සමාජ මාධ්‍ය හරහා තහවුරු කර තිබුණේ ඇය ඉතා සාමකාමීව අවසන් ගමන් ගිය බව පවසමින්. නිව්යෝර්ක් නුවර ජීවත් වූ ඇය, රෝගී තත්ත්වය මධ්‍යයේ වුවත් ජීවිතය දෙස ඉතා ධනාත්මකව බැලූ තරුණියක්. තමන්ගේ ප්‍රතිකාර ක්‍රියාවලිය, රෝහල් ගතව සිටි අවස්ථා මෙන්ම ජීවිතයේ සතුටුදායක අවස්ථා පවා ඇය මිලියනයකට අධික අනුගාමිකයන් පිරිසක් සමඟ බෙදා ගත්තා.
ඇයගේ ජීවිතයේ ලොකුම සිහිනයක් වූ මියාමි ස්විම් වීක් (Miami Swim Week) උත්සවයේදී නිරූපිකාවක ලෙස වේදිකාවට පිවිසීමටත් ඇය පසුගිය කාලයේ සමත් වුණා. තමන්ගේ ශරීරයේ තිබෙන කැළැල් පවා අලංකාරයක් ලෙස දකිමින්, ජීවිතය කෙතරම් වටිනවාද යන්න ඇය නිතරම අනුගාමිකයන්ට සිහිපත් කළා. ඇයගේ අකල් වියෝව පිළිබඳ පුවත ඇසූ ලොව පුරා සිටින දහස් ගණනක් රසිකයන් ඇයට අවසන් ගෞරව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කර තිබෙනවා. දුර්ලභ පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ඇය දැක්වූ කැපවීම සහ ඇයගේ නිර්භීතකම සැමදා බොහෝ දෙනාගේ මතකයේ රැඳෙනු ඇති බව නිසැකයි.

Discussion & Feedback