දැන් ලෝකයේම ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) හරහා තමන්ගේ යාළුවන්ට කෙලින්ම මුදල් යැවීමේ පහසුකමක් හඳුන්වා දෙන්න ඔවුන් සැලසුම් කරමින් ඉන්නවා කියලා අලුත්ම වාර්තා පෙන්වා දෙනවා. මේ අලුත් විශේෂාංගය හරහා ටික්ටොක් පණිවිඩ (Direct Messages) භාවිතා කරලා පරිශීලකයන්ට එකිනෙකා අතර මුදල් හුවමාරු කරගන්න පුළුවන් වෙයි. දැනටමත් අග්නිදිග ආසියාවේ ටික්ටොක් ෂොප් සඳහා භාවිතා කරන ‘TikTok Pay’ තාක්ෂණයම මේ සඳහා යොදාගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඇමරිකාවේ ටික්ටොක් ඇප් එකේ කේත පරීක්ෂා කිරීමේදී මේ ගැන ඉඟි කිහිපයක්ම හමුවෙලා තියෙනවා.
මේ පහසුකම හරියටම Venmo වගේ සේවාවක් වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මුදල් ලැබෙන කෙනාට ‘tap to accept’ කියන බොත්තම එබීමෙන් මුදල් ලබාගන්න පුළුවන් වගේම, මුදල් යවන කෙනාට ඒ එක්කම පණිවිඩයක් යවන්නත් හැකියාව ලැබෙනවා. දැනට මේක තාම මූලික සංවර්ධන මට්ටමේ තියෙන්නේ කියලා ටික්ටොක් ආයතනය පවසනවා. ඒ නිසා මේක හරියටම කවදා එයිද කියලා තාම ස්ථිර නැහැ. කොහොම වුණත්, ටික්ටොක් සමාගම මීට කලිනුත් බ්‍රසීලය වගේ රටවල මූල්‍ය සේවා ලබාදීමට උත්සාහ කළා. ඉස්සරහට ටික්ටොක් කියන්නේ නිකම්ම වීඩියෝ බලන තැනක් විතරක් නෙවෙයි, මූල්‍ය ගනුදෙනුත් සිද්ධ වෙන ප්‍රධාන වේදිකාවක් වෙන්න ඉඩ තියෙනවා.

Discussion & Feedback