ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) සමාගම මේ දිනවල ලොකු ප්‍රශ්නයකට මැදිවෙලා ඉන්නවා. ඒ, තමන්ගේ වේදිකාව හරහා ළමයින්ව ඇබ්බැහි කරවන බවට සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දෙන බවට එල්ල වුණු චෝදනා නිසයි. මේ සම්බන්ධයෙන් ඇලබාමා ප්‍රාන්තයේ නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබුණත්, අවසානයේ ටික්ටොක් සමාගම ඇලබාමා ප්‍රාන්තයට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක වන්දියක් ගෙවීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. සමහර කොන්දේසි මත මේ මුදල ඩොලර් මිලියන 300ක් දක්වා වුණත් ඉහළ යන්න පුළුවන් බවයි වාර්තා වෙන්නේ.
මේ එකඟතාවයත් එක්කම ටික්ටොක් සමාගම තවත් වැදගත් පියවර කිහිපයක් ගන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව, වයස අවුරුදු 18ට අඩු අයට දිනකට පැය දෙකක කාල සීමාවක් පමණක් ටික්ටොක් භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී යෙදුම භාවිතා කිරීම සීමා කිරීම, දෙමාපියන්ට පාලනය කළ හැකි අමතර ආරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දීම සහ ඇතැම් රූපලාවන්‍ය ෆිල්ටර් (cosmetic filters) භාවිතය සීමා කිරීමටත් ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඇලබාමා ප්‍රාන්තයේ නීතිපති ස්ටීව් මාෂල් පවසන්නේ, මේ පියවර නිසා දෙමාපියන්ට තමන්ගේ දරුවන් සමාජ මාධ්‍ය ඇබ්බැහිවීම්වලින් ආරක්ෂා කරගැනීම ගැන ලොකු සහනයක් දැනෙනු ඇති බවයි.
මීට කලින් අගෝස්තු මාසයේදීත් ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවකට ටික්ටොක් සමාගම ඩොලර් මිලියන 400ක වන්දියක් ගෙවීමට එකඟ වුණා. කොහොම වුණත්, තමන්ගේ වේදිකාවේ ආරක්ෂාව තව තවත් වැඩි දියුණු කිරීමටත්, විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන දරුවන් ආරක්ෂා කිරීමටත් තමන් කැපවී සිටින බවයි ටික්ටොක් සමාගම මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

Discussion & Feedback