වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පැවති උපන්දින සාදයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. පසුගිය ජූලි 23 වැනිදා රාත්රියේදී කාඩිරාන ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම සාදය අතරතුර මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුවයි මෙම සැකකරුවන්ව පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා, මෝටර් රථය පැදවූ රියදුරු සහ අපරාධකරුවන්ට සැඟවීමට උදව් කළ පුද්ගලයෙක් ඉන්නවා. මොවුන් ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 26, 35 සහ 36ක් වෙනවා. පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණේ මෙම වෙඩි තැබීම මට්ටක්කුලියේ පදිංචි ‘කුඩු රොෂාන්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කරගෙන සිදුකර ඇති බවයි. නමුත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී අසල සිටි අහිංසක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, මේ වන විට සිද්ධියට සම්බන්ධ මුළු සැකකරුවන් සංඛ්‍යාව හතක් දක්වා ඉහළ ගොස් තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.

Discussion & Feedback