බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදහන් වී තිබියදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සොයාගෙන තියෙනවා. මේ සිසුවියන් තිදෙනා බලංගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අයයි. ඔවුන් නිවසින් පිටව ගොස් තිබුණේ අමතර පන්ති සඳහා සහභාගි වීමට බවයි වාර්තා වෙන්නේ. නමුත් නියමිත වේලාවට ඔවුන් නිවසට නොපැමිණීම නිසා දෙමාපියන් දැඩි කලබලයට පත්වෙලා තියෙනවා.
තම දරුවන් ආපසු නොපැමිණීමත් සමඟ දෙමාපියන් වහාම මේ පිළිබඳව බලංගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ල මත පදනම්ව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළ අතර, ඒ අනුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැඳී සිටියදී සොයා ගැනීමට හැකි වුණා. මේ වන විට ඔවුන්ව ආරක්ෂිතව සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරගෙන යනවා.
දින කිහිපයකට පෙර සිදු වූ මේ සිදුවීම නිසා ප්‍රදේශයේ ජනතාව අතරත් විශාල කතාබහක් ඇති වුණා. කෙසේ වෙතත්, දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් මීට වඩා අවධානයෙන් සිටීම වැදගත් බවත්, දරුවන්ගේ ගමන් බිමන් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම අත්‍යවශ්‍ය බවත් මේ සිදුවීමෙන් නැවතත් පසක් වෙනවා. මේ වන විට සිසුවියන් තිදෙනාම නිරුපද්‍රිතව සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback