යුක්රේනයේ කළු මුහුද ආශ්රිත ප්‍රධාන වරාය නගරයක් වන ඔඩෙස්සා වෙත රුසියාව විසින් එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය දින පහක කාලය තුළ අඛණ්ඩව සිදුවන මෙම ප්‍රහාර හමුවේ නේවාසික ගොඩනැගිල්ලකට මිසයිලයක් කඩා වැදීමෙන් මෙම මරණ සිදුව ඇති බව ඔඩෙස්සා කලාපයේ ආණ්ඩුකාර ඔලෙග් කිපර් පවසනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තමන් ඉලක්ක කළේ යුක්රේනයේ වරාය යටිතල පහසුකම් සහ ඉන්ධන ගබඩා පමණක් බවයි. කෙසේ වෙතත්, සාමාන්‍ය වැසියන් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් බවට යුක්රේන බලධාරීන් චෝදනා කරනවා.
මේ අතර, යුක්රේන හමුදාව විසින් කළු මුහුදේ තිබූ රුසියානු නෞකා 20ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවත් වාර්තා වෙනවා. මේ වගේ උණුසුම් තත්ත්වයක් පවතින අතරතුර යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් කියෙව් නුවරට පැමිණියේ යුක්රේනයේ ආරක්ෂක කර්මාන්ත ශාලා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ නව වැඩපිළිවෙළක් සාකච්ඡා කිරීමටයි. මේ අතරතුර යුක්රේන දේශපාලන ක්ෂේත්රයේත් විශාල වෙනස්කම් සිදුවෙමින් පවතින අතර, අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ වී තිබෙනවා. යුද්ධය නිසා රටේ ආර්ථිකය සහ ජන ජීවිතය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback