යාපනය, කුඩාරප්පු මුහුදු තීරයේදී නීතිවිරෝධී ලෙස අල්ලපු මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක පුද්ගලයින් තිදෙනෙක්ව නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. සැප්තැම්බර් 05 වෙනිදා උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කරපු විශේෂ මෙහෙයුමකදී තමයි මේ සැකකරුවන්ව අල්ලගන්න පුළුවන් වුණේ. මේ අය ගමන් කරපු බෝට්ටුව පරීක්ෂා කරද්දී නීතිවිරෝධී ලෙස රාත්රී කාලයේ කිමිදී අල්ලපු මුහුදු කූඩැල්ලන් 673ක් හොයාගන්න ලැබුණා.
අත්අඩංගුවට ගත්ත මේ සැකකරුවන් වයස අවුරුදු 51ත් 56ත් අතර පසුවෙන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව කියන්නේ. මේ අය මුහුදු කූඩැල්ලන් අල්ලන්න පාවිච්චි කරපු බෝට්ටුව සහ අනෙකුත් ආම්පන්නත් නාවික හමුදා භාරයට අරන් තියෙනවා. පසුව මේ සැකකරුවන් සහ අල්ලපු මුහුදු කූඩැල්ලන් තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දීලා තියෙනවා. මේ වගේ නීතිවිරෝධී ක්රියා නිසා අපේ මුහුදු සම්පත් විනාශ වෙන එක වළක්වන්න නාවික හමුදාව දිගින් දිගටම මෙහෙයුම් ක්රියාත්මක කරනවා.

Discussion & Feedback