දකුණු අප්‍රිකාවේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් නීති විරෝධී ලෙස රටේ රැඳී සිටින විදේශිකයන් වහාම රටින් පිටව යා යුතු බව පවසමින් දහස් ගණනක පිරිසක් දැවැන්ත විරෝධතාවල නිරත වුණා. මෙම විරෝධතා හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කිරීමට පොලිසිය සහ පෞද්ගලික ආරක්ෂක අංශ විශාල වශයෙන් යොදවා තිබෙනවා. දැනටමත් බොහෝ විදේශිකයන් බිය හේතුවෙන් රට හැර ගොස් ඇති අතර, මේ වන විටත් 25,000කට වැඩි පිරිසක් ආපසු සිය රටවලට යවා ඇති බවයි වාර්තා වෙන්නේ. ජොහැන්නස්බර්ග් සහ ඩර්බන් වැනි ප්‍රදේශවල තත්ත්වය පාලනය කිරීමට හමුදාව පවා කැඳවීමට සිදුව තිබෙනවා.
විරෝධතාකරුවන් ඇතැම් ස්ථානවල දේපළවලට හානි කරමින් සහ කොල්ලකෑම්වල නිරත වෙමින් කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැකගන්න ලැබුණා. විශේෂයෙන්ම විදේශිකයන් වැඩිපුර ජීවත් වන ප්‍රදේශවල නිවාසවලට කඩා වැදෙමින් ඔවුන්ව පොලිසියට භාර දීමට පවා පිරිස් කටයුතු කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ජනාධිපති සිරිල් රමපෝසා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව කටයුතු කරන ලෙසයි. නීත්‍යානුකූලව රටේ ජීවත් වන විදේශිකයන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත්, විරෝධතා මුවාවෙන් ප්රචණ්ඩත්වය පතුරුවා හැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළා. කෙසේ වෙතත්, ඉදිරි මාස හය පුරාම සෑම බ්‍රහස්පතින්දාවකම මෙම විරෝධතා පවත්වන බව සංවිධායකයන් පවසන නිසා රටේ තත්ත්වය තවමත් උණුසුම්ව පවතිනවා.

Discussion & Feedback