ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ෆිට්ස්රෝයි ගඟ 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙලේ ඔරු පැදීමේ සහ කැනෝ ස්ප්‍රින්ට් තරග සඳහා නිල ස්ථානය ලෙස මේ වන විට තෝරාගෙන තියෙනවා. මේ ගඟේ අඩි 13ක් පමණ දිගැති ලුණු දිය කිඹුලන් 500ක් විතර ජීවත් වුණත්, බලධාරීන් පවසන්නේ පසුගිය වසර 40ක කාලය තුළ කිසිදු කිඹුල් ප්‍රහාරයක් වාර්තා වී නොමැති නිසා ක්‍රීඩකයන්ට බියක් ඇති කරගත යුතු නැති බවයි. කෙසේ වෙතත්, මේ තීරණයත් සමඟ ලෝක ඔරු පැදීමේ සම්මේලනය ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ මත පළ වෙමින් පවතිනවා.
ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ කිඹුලන් නෙවෙයි, ගඟේ පවතින දියවැල් සහ වඩදිය බාදිය නිසා තරගවල සාධාරණත්වය පවත්වා ගැනීමයි. බොහෝ ක්‍රීඩකයන් සහ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ ස්වභාවික තත්ත්වයන් නිසා ප්‍රභූ මට්ටමේ ක්‍රීඩකයන්ට සාධාරණ තරගයක් ලබා දීම අභියෝගයක් විය හැකි බවයි. ඒ වගේම බ්‍රිස්බේන් නුවර සිට කිලෝමීටර් 600ක් දුරින් පිහිටි මේ ස්ථානය තෝරාගැනීම පිළිබඳවත් විරෝධතා මතු වුණා. නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැති ඩේවිඩ් ක්රිසාෆුලි පවසන්නේ මෙය ප්‍රාදේශීය ප්‍රදේශවලට අවස්ථාවක් ලබා දීමක් බවත්, විදේශීය බලපෑම්වලට යටත් නොවන බවත්ය.
අවසානයේදී ඉංජිනේරුමය ඇගයීම් සහ තාක්ෂණික වාර්තා සලකා බැලීමෙන් පසු, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ලෝක ඔරු පැදීමේ සම්මේලනය විසින් ෆිට්ස්රෝයි ගඟ තරග සඳහා සුදුසු බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මේ වන විටත් පාසල් සිසුන්ගේ ඔරු පැදීමේ තරගාවලි සඳහා මේ ගඟ සාර්ථකව භාවිත කරන නිසා, 2032 ඔලිම්පික් උළෙල සඳහා මෙය කදිම තෝරාගැනීමක් වනු ඇතැයි බලධාරීන් විශ්වාස කරනවා.

Discussion & Feedback