අභ්‍යවකාශයේ තියෙන ග්‍රහලෝක සහ චන්ද්‍රයන් මත තියෙන වටිනා ඛනිජ සම්පත් හඳුනාගන්න නාසා ආයතනය අලුත්ම තාක්ෂණික ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. මේකට ඔවුන් කියන්නේ ‘ස්ලින්ග්ෂොට්’ (Slingshot) කියලයි. පෘථිවියේ ඉඳන් චන්ද්‍රිකා මගින් ඛනිජ සම්පත් සහ දේශගුණික විපර්යාස නිරීක්ෂණය කරනවා වගේම, අභ්‍යවකාශයේ වෙනත් ලෝකවලත් මේ වගේ නිරීක්ෂණ කරන්න පුළුවන් ද කියලා තමයි මේ ව්‍යාපෘතියෙන් පර්යේෂණ කරන්නේ. විශේෂයෙන්ම 2030 දශකයේදී සඳ මත මිනිසුන් පදිංචි කරන්න නාසා ආයතනය සැලසුම් කරන නිසා, ඒ සඳහා අවශ්‍ය හීලියම්-3 වගේ සම්පත් කලින්ම හොයාගන්න එක ඔවුන්ගේ ලොකු ඉලක්කයක් වෙලා තියෙනවා.
මේ ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂක පැබ්ලෝ සොබ්රොන් කියන විදිහට, අභ්‍යවකාශයේ ඛනිජ සම්පත් හොයන එක ලේසි වැඩක් නෙවෙයි. වැරදි තැනක ගොඩබැස්සොත් මුළු ව්‍යාපෘතියම අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ‘රාමන් ස්පෙක්ට්රොස්කොපි’ (Raman spectroscopy) කියන තාක්ෂණය පාවිච්චි කරලා, අභ්‍යවකාශ යානයක ඉඳන් කිලෝමීටර් 30ක් හෝ 50ක් වගේ දුරකින් ඉඳන් වුණත් ඛනිජ වර්ග හඳුනාගන්න පුළුවන් ද කියලා බලනවා. මේක ඉතාම සංකීර්ණ වැඩක් වුණත්, සාර්ථක වුණොත් අනාගත අභ්‍යවකාශ ගවේෂණවලට මේක ලොකු පිටුවහලක් වේවි. දැනට නාසා ආයතනය මේ සඳහා මූලික අදියරේ පර්යේෂණවලට අරමුදල් ලබා දීලා තියෙනවා.

Discussion & Feedback