අභ්යවකාශ තාක්ෂණයේ අලුත්ම පෙරළියක් විදියට ඇමරිකාවේ වැන්ටෝර් (Vantor) සමාගම පෘථිවිය ඉතා පැහැදිලි ත්රිමාණ (3D) දසුන්වලින් නිරූපණය කරන නවීන තාක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. ඔවුන් සතු චන්ද්රිකා 10කින් සමන්විත ජාලයක් මගින් පෘථිවියේ ඕනෑම තැනක ඉතා සියුම් විස්තර පවා අඟල් 6ක හෝ 12ක විභේදනයකින් (resolution) ලබාගන්න පුළුවන්. මේ තාක්ෂණය හරහා පැරිසියේ අයිෆල් කුළුණේ ඉඳන් චීනයේ නාවික කඳවුරු සහ ඇමරිකාවේ වේලිවල ජල මට්ටම වෙනස් වෙන හැටි පවා ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.
මේ 3D දසුන් නිර්මාණය වෙන්නේ විවිධ කෝණවලින් ලබාගන්නා චන්ද්රිකා ඡායාරූප එකතු කිරීමෙන්. විශේෂම දේ තමයි, මේ දසුන් පැය 24කට වරක් හෝ ඊට අඩු කාලයකින් අලුත් වීම. ඒ නිසා ස්වාභාවික ආපදා හෝ යුද ගැටුම් වගේ හදිසි තත්ත්වයන් ගැන වුණත් ඉතා ඉක්මනින් තොරතුරු දැනගන්න මේක ලොකු උදව්වක් වෙනවා. ගුවන් යානා හෝ ඩ්රෝන මගින් මෙවැනි දේ කිරීම අපහසු සහ වියදම් අධික වුණත්, වැන්ටෝර් සමාගමේ මේ චන්ද්රිකා තාක්ෂණය නිසා ඕනෑම දුෂ්කර හෝ සීමා සහිත ප්රදේශයක් වුණත් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.
මේ ගැන අදහස් දක්වපු වැන්ටෝර් සමාගමේ ප්රධාන නිෂ්පාදන නිලධාරී පීටර් විල්සින්ස්කි කියන්නේ, මේක තමයි අභ්යවකාශ බුද්ධි තොරතුරු තාක්ෂණයේ අනාගතය කියලා. විශේෂයෙන්ම GPS පහසුකම් නැති හෝ යානා යවන්න බැරි ප්රදේශවල පවා ස්වයංක්රීය පද්ධතිවලට මග පෙන්වන්න මේ 3D සිතියම්වලට පුළුවන්. ඇත්තටම මේක අභ්යවකාශ තාක්ෂණයේ තවත් එක පියවරක් ඉදිරියට තැබීමක් විදියට හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback