අභ්යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී පියවරක් තබමින් වැන්ටෝර් (Vantor) සමාගම විසින් පෘථිවියේ අතිශය පැහැදිලි ත්රිමාණ දසුන් පෙළක් එළිදක්වා තිබෙනවා. ඔවුන්ගේ චන්ද්රිකා 10කින් සමන්විත ජාලය මගින් ලබාගන්නා මෙම ඡායාරූපවල තියුණු බව කොතරම්ද කිවහොත්, පැරිස් නුවර අයිෆල් කුළුණේ සිට චීනයේ නාවික කඳවුරු දක්වා ඕනෑම ස්ථානයක් ගුවන් යානයකින් පහළ බලනවා වගේ ඉතා පැහැදිලිව අපිට දැකගන්න පුළුවන්. මෙම තාක්ෂණය මගින් ස්වාභාවික ආපදා හෝ යුද ගැටුම් පවතින ප්රදේශවල සිදුවන වෙනස්කම් ඉතා ඉක්මනින් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම ත්රිමාණ සිතියම් නිර්මාණය කරන්නේ විවිධ කෝණවලින් ලබාගත් චන්ද්රිකා ඡායාරූප එකිනෙක සම්බන්ධ කිරීමෙන්. විශේෂම දේ තමයි, සෑම පැය 24කට වරක්ම මෙම දත්ත යාවත්කාලීන වීම. මීට පෙර මෙවැනි දේ සිදුකිරීමට ඩ්රෝන යානා හෝ ගුවන් යානා යොදාගත්තත්, ඒවාට සීමාවන් තිබුණා. නමුත් වැන්ටෝර් සමාගමේ මෙම නව ක්රමවේදය නිසා GPS සංඥා නොමැති ප්රදේශවල පවා ස්වයංක්රීය ඩ්රෝන යානා මෙහෙයවීමට අවශ්ය නිවැරදි භූමි දර්ශන ලබාගැනීම දැන් ඉතා පහසු වෙලා තියෙනවා.
වැන්ටෝර් සමාගමේ ප්රධාන නිෂ්පාදන නිලධාරී පීටර් විල්සින්ස්කි පවසන පරිදි, මෙය අභ්යවකාශ බුද්ධි තොරතුරු ක්ෂේත්රයේ අනාගතයයි. සාමාන්ය ගුවන් යානාවලට ළඟා වීමට අපහසු දුෂ්කර හෝ ගැටුම් පවතින කලාපවල පවා ඉතා වේගයෙන් සහ නිවැරදිව දත්ත ලබාගැනීමට මෙම තාක්ෂණය මගින් හැකියාව ලැබෙනවා. ඉදිරියේදී ලෝකයේ ඕනෑම ස්ථානයක් තත්ය කාලීනව නිරීක්ෂණය කිරීමට මෙම තාක්ෂණය විශාල පිටුවහලක් වේවි.

Discussion & Feedback