මෑතකදී අභ්යවකාශ විද්යාඥයන් මවිතයට පත් කරමින් කළු කුහර දෙකක් එකිනෙක ගැටුණු අමුතු සිදුවීමක් වාර්තා වුණා. LIGO නිරීක්ෂණාගාරය මගින් හඳුනාගත් මෙම සිදුවීම හැඳින්වෙන්නේ GW231123 ලෙසයි. සාමාන්යයෙන් තාරකා විද්යාත්මක නීතිවලට අනුව මෙතරම් විශාල ස්කන්ධයකින් යුත් කළු කුහර දෙකක් මෙවැනි වේගයකින් ගැටීම කළ නොහැකි දෙයක් ලෙසයි විද්යාඥයන් මුලින් හිතුවේ. නමුත් නවතම පර්යේෂණවලින් පෙනී යන්නේ මේ කළු කුහර ඇත්තටම අප හිතුවාට වඩා කුඩා බවයි. මෙහිදී සිදුව ඇත්තේ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ සඳහන් වන ‘ගුරුත්වාකර්ෂණ කාච’ (Gravitational Lensing) නම් සංසිද්ධියයි.
මෙම සංසිද්ධිය හරහා අභ්යවකාශයේ ඇති දැවැන්ත වස්තූන් මගින් අවකාශය සහ කාලය වක්ර කරන අතර, එමගින් දුරින් ඇති වස්තූන්ගේ ආලෝකය පමණක් නොව ගුරුත්වාකර්ෂණ තරංග පවා විකෘති වී විශාල වී පෙනෙන්නට පුළුවන්. පර්යේෂකයන් පවසන විදිහට, මෙම කළු කුහර දෙකේ ස්කන්ධය විශාල ලෙස පෙනී ඇත්තේ ඒවා අතරින් ගමන් කළ ගුරුත්වාකර්ෂණ තරංගවල සිදුවූ විකෘතියක් නිසයි. ඔවුන් මේ සඳහා විශේෂ ගණිතමය ආකෘතියක් නිර්මාණය කර ඇති අතර, ඒ හරහා මෙම කළු කුහර ඇත්තටම සාමාන්ය ප්රමාණයේ ඒවා බව තහවුරු කරගෙන තිබෙනවා. මේ සොයාගැනීම මගින් අභ්යවකාශයේ සිදුවන මෙවැනි අද්භූත සිදුවීම් තේරුම් ගැනීමට අපට අලුත් මාවතක් විවෘත වී තිබෙනවා.

Discussion & Feedback