චීන විද්යාඥයන් විසින් සඳෙහි නවතම සහ වඩාත් සවිස්තරාත්මක භූගෝලීය සිතියමක් එළිදක්වා තිබෙනවා. 1:5,000,000 පරිමාණයෙන් නිර්මාණය කර ඇති මෙම සිතියම මගින් සඳෙහි පැරණි භූගෝලීය යුගයන් සහ එහි පෘෂ්ඨයේ ස්වභාවය පිළිබඳව මීට පෙර තිබූ දැනුම තවදුරටත් යාවත්කාලීන කරනවා. විශේෂයෙන්ම චීනයේ චැං-ඊ (Chang’e) 5 සහ 6 මෙහෙයුම් මගින් සඳෙහි දුරස්ථ පැත්තෙන් ලබාගත් සාම්පල සහ දත්ත මෙම සිතියම සකස් කිරීම සඳහා විශාල වශයෙන් උපකාරී වී තිබෙනවා. සඳෙහි ඇති පොටෑසියම්, දුර්ලභ පෘථිවි මූලද්රව්ය සහ පොස්පරස් වැනි ද්රව්යවල ව්යාප්තිය පිළිබඳව මෙහිදී වඩාත් නිවැරදි තොරතුරු ඇතුළත් කර ඇති බවයි චීන විද්යාඥයන් පවසන්නේ.
මෙම සිතියම හුදෙක් විද්යාත්මක සොයාගැනීමක් පමණක් නොවෙයි, අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ ගෝලීය ප්රමිතීන් තීරණය කිරීමේදී චීනයට හිමිවන බලපෑම ද මෙයින් පෙන්නුම් කරනවා. අනාගතයේදී සෞරග්රහ මණ්ඩලයේ වෙනත් ග්රහලෝක ගවේෂණය කිරීමේදීත් මෙම සිතියම්කරණ ක්රමවේදය සහ තාක්ෂණික ප්රමිතීන් භාවිත කිරීමට චීනය සැලසුම් කර තිබෙනවා. ඇමරිකාව සහ චීනය අතර අභ්යවකාශයේ ආධිපත්යය තහවුරු කර ගැනීමේ තරගයක් පවතින පසුබිමක, සඳෙහි කාලය මැනීම වැනි තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් පවා දෙරට අතර මතභේද පවතිනවා. කෙසේ වෙතත්, මෙම නව සිතියම මගින් චීනය තමන්ගේම ස්වාධීන බුද්ධිමය දේපළ රාමුවක් අභ්යවකාශ ගවේෂණය තුළ ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව පැහැදිලියි.

Discussion & Feedback