අභ්යවකාශය නිරීක්ෂණය කරන්න කැමති අයට දැන් තියෙන ලොකුම ප්රශ්නය තමයි දුරේක්ෂයක තියෙන බර සහ විශාලත්වය. හැබැයි මේ ගැටලුවට විසඳුමක් විදිහට DwarfLab සමාගම හඳුන්වා දීපු ‘Dwarf Mini’ කියන ස්මාර්ට් දුරේක්ෂය ඇත්තටම පුදුම හිතෙන නිර්මාණයක්. මේක කොච්චර පොඩියිද කියනවා නම්, සාමාන්ය පොතක ප්රමාණය විතරයි. ඒ නිසා ඔබට මේක ඉතාම පහසුවෙන් ඔබේ ජැකට් එකේ සාක්කුවේ දාගෙන ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම සංචාරය කරන අතරතුර අභ්යවකාශය නිරීක්ෂණය කරන්න කැමති අයට මේක කියාපු භාණ්ඩයක්.
මේ දුරේක්ෂය ස්මාර්ට්ෆෝන් එකක් හරහා සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන ස්වයංක්රීය තාක්ෂණය නිසා අහසේ තියෙන තරු, නෙබියුලා සහ සඳ වගේ දේවල් ඉතාම පැහැදිලිව ඡායාරූප ගත කරන්න ඔබට හැකියාව ලැබෙනවා. මේකේ තියෙන සෝනි සෙන්සරය සහ විශේෂිත මෘදුකාංග මගින් ආලෝකය අඩු නගරයක ඉඳන් වුණත් හොඳ ප්රතිඵල ලබාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදිරියේදී එන සූර්යග්රහණ නිරීක්ෂණය කරන්න අවශ්ය චුම්බක සූර්ය ෆිල්ටරයත් මේ එක්කම ලැබෙනවා.
මේක වෘත්තීය මට්ටමේ විශාල දුරේක්ෂ තරම්ම අධි විභේදන (High resolution) ඡායාරූප ලබා නොදුන්නත්, ආරම්භකයෙක්ට සහ සංචාරකයෙක්ට අවශ්ය කරන සියලුම පහසුකම් මේකේ තියෙනවා. අමතර උපකරණ ගොඩක් නැතුව, ඉතාම සරලව අභ්යවකාශයේ සුන්දරත්වය විඳගන්න කැමති ඕනෑම කෙනෙක්ට මේ Dwarf Mini දුරේක්ෂය ඇත්තටම වටිනා ආයෝජනයක් වෙයි.

Discussion & Feedback