අභ්යවකාශ විද්යාඥයන් පිරිසක් විසින් අපේ ක්ෂීරපථ මන්දාකිණියේ තියෙන අමුතුම ආකාරයේ ‘ප්රදීපාගාරයක්’ වගේ ක්රියා කරන පල්සාර් (Pulsar) තරුවක් වටා තියෙන චුම්බක ක්ෂේත්රය ප්රථම වතාවට සිතියම්ගත කරලා තියෙනවා. PSR J1101−6101 කියලා හඳුන්වන මේ තරුව, සුපර්නෝවා පිපිරීමකින් ඉතුරු වුණු ඉතා ඝන නියුට්රෝන තරුවක්. මේ තරුව තත්පරයකට 16 වතාවක් විතර ඉතා වේගයෙන් කැරකෙන අතර, ඒකෙන් පිටවෙන අධි ශක්ති අංශු අභ්යවකාශය හරහා ගමන් කරන්නේ නොපෙනෙන චුම්බක මාවතක් ඔස්සේ බව දැන් තහවුරු වෙලා තියෙනවා. නාසා ආයතනයේ IXPE දුරේක්ෂය භාවිතයෙන් තමයි විද්යාඥයන් මේ සොයාගැනීම සිදු කළේ.
මේ පල්සාර් තරුව අභ්යවකාශය හරහා ගමන් කරද්දී ඒ පිටුපසින් දිගු X-කිරණ වල්ගයක් සහ විශේෂිත තන්තුවක් වගේ ව්යුහයක් නිර්මාණය වෙනවා. විද්යාඥයන් කලින් හිතාගෙන හිටියේ මේ අංශු චුම්බක ක්ෂේත්ර ඔස්සේ ගමන් කරනවා කියලා, නමුත් මේ නවතම පර්යේෂණයෙන් ඒක පැහැදිලිවම ඔප්පු වුණා. විශේෂම දේ තමයි, මේ චුම්බක ක්ෂේත්රය විද්යාඥයන් හිතුවට වඩා ගොඩක් පිළිවෙළකට සහ ක්රමවත්ව තියෙන එක. මේ සොයාගැනීම මගින් විශ්වයේ තියෙන අතිශය බලගතු වස්තූන් කොහොමද අංශු ආලෝකයේ වේගයට ළඟා කරවන්නේ කියන එක ගැන අලුත් දැනුමක් අපිට ලැබෙනවා. මේ පර්යේෂණ වාර්තාව පසුගිය ජූලි 9 වැනිදා ‘The Astrophysical Journal’ සඟරාවේ පළ වුණා.

Discussion & Feedback