අද කාලේ ගොඩක් අය තමන්ගේ ෆෝන් එකේ තියෙන ඉන්ස්ටග්රෑම්, ටික්ටොක් වගේ ඇප්ස් වලට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නේ. මේකට විසඳුමක් විදිහට එන ඇප්ස් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැත්තේ අපේම කැමැත්ත මත ඒවා පාලනය කරන්න සිද්ධ වෙන නිසා. ඒත් ‘Autonomous Key’ කියන මේ අලුත්ම උපකරණය මේ ප්රශ්නයට වෙනස්ම විසඳුමක් දෙනවා. මේක පොඩි NFC කී එකක්. ඔයාට ඕන කරන ඇප්ස් ලොක් කරලා තියන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ආයෙත් ඒ ඇප්ස් ඕපන් කරන්න ඕන නම්, ඔයාට අනිවාර්යයෙන්ම මේ ෆිසිකල් කී එක ෆෝන් එකට ස්කෑන් කරන්නම වෙනවා. ඒ නිසා ඔයාට මේ කී එක වෙන කාමරයක හරි ඔෆිස් එකේ හරි තියන්න පුළුවන්, එතකොට නිකරුණේ ෆෝන් එක දිහා බලන එක ඔයාටම පාලනය කරගන්න පුළුවන්.
මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ මිල ඩොලර් 9ක් වගේ අඩු මුදලක් වීම. ඒ වගේම මේකට සම්බන්ධ වෙන ඇප් එක මගින් ඔයා කොච්චර වෙලාවක් ඇප්ස් පාවිච්චි කරනවද කියලා AI තාක්ෂණයෙන් විශ්ලේෂණය කරනවා. මේ AI එක හරිම විහිලු සහගත විදිහට ඔයාගේ පුරුදු ගැන කියනවා. එක කී එකක් ෆෝන් කිහිපයකට වුණත් සම්බන්ධ කරන්න පුළුවන් නිසා පවුලේ අයට වුණත් මේක ප්රයෝජනවත්. හැබැයි මේකේ ස්කෑන් කිරීමේදී පොඩි ප්රශ්න එන්න පුළුවන් නිසා හදිසි ඇමතුම් හෝ වැදගත් වැඩ වලට පාවිච්චි කරන ඇප්ස් ලොක් නොකර ඉන්න එක තමයි හොඳ. දැනට මේක වර්ණ පහකින් ලබාගන්න පුළුවන් අතර, ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන ඕනෑම කෙනෙක්ට මේක හොඳ අත්දැකීමක් වේවි.

Discussion & Feedback