Thinking Machines සමාගමේ සම නිර්මාතෘවරියක් වන ලිලියන් වෙන්, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලු හේතුවෙන් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඇය පවසන පරිදි, ස්ටාර්ට්-අප් ආයතනයක වැඩ කරන විට පවතින දැඩි පීඩනය සහ වැඩ බහුල බව ඇගේ ශරීරයට දරාගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. මේ නිසා තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් විවේකයක් අවශ්‍ය බව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. ඇයගේ මෙම තීරණයට Thinking Machines හි අනෙක් සම නිර්මාතෘ මීරා මුරාටි ද සිය සහයෝගය පළ කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙම නිවේදනයෙන් දින කිහිපයකට පසු, ලිලියන් වෙන් නැවතත් OpenAI ආයතනය හා එක්වන බව වාර්තා වුණා. මීට පෙර ඇය OpenAI හි AI ආරක්ෂණ පර්යේෂණ අංශයේ උප සභාපතිනිය ලෙස කටයුතු කර තිබෙනවා. මෙවර ඇය OpenAI හි අභ්‍යන්තර පර්යේෂණ කටයුතු වේගවත් කිරීම සඳහා වන විශේෂ කණ්ඩායමකට නායකත්වය දීමට නියමිතයි. විශේෂයෙන්ම AI පද්ධතිවලට තමන්වම වැඩිදියුණු කරගත හැකි (recursive self-improvement) තාක්ෂණය පිළිබඳ පර්යේෂණ මෙහිදී සිදු කෙරෙනු ඇති.
ස්ටාර්ට්-අප් එකක වැඩ කිරීමේ පීඩනය නිසා ඉල්ලා අස්වූ අයෙකු මෙලෙස නැවතත් OpenAI වැනි දැවැන්ත ආයතනයකට එක්වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. සම නිර්මාතෘවරියක ලෙස තිබූ වගකීම්වලට වඩා, මෙහිදී ඇයට යම් තරමක නිදහසක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරනවා. කෙසේ වෙතත්, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දක්ෂතා ඇති පුද්ගලයන් වෙනුවෙන් පවතින දැඩි තරගකාරීත්වය හමුවේ ලිලියන් වෙන්ගේ මෙම නැවත පැමිණීම තාක්ෂණික ලෝකයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකෙනවා.

Discussion & Feedback