ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරිකයෙක් වුණු චාලි කර්ක් ඝාතනයට ලක්වීමෙන් පස්සේ, ඔහු ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනාත්මක අදහස් පළ කරපු බොහෝ දෙනෙක්ට තමන්ගේ රැකියාවන් අහිමි වුණා. මේ අතරින් ජෙරල්ඩ් බෝර්ගුට් කියන ක්‍රීඩා මාධ්‍යවේදියාටත් සිද්ධ වුණේ හිතාගන්න බැරි තරම් දරුණු ඉරණමකට මුහුණ දෙන්න. තමන්ගේ අලුත උපන් දරුවා එක්ක සතුටින් ජීවත් වුණු ජෙරල්ඩ්, කර්ක් ගැන පළ කරපු අදහස් නිසා ඔහුට තර්ජන එල්ල වුණා විතරක් නෙවෙයි, අවසානයේ තමන්ගේ ගෙදර දොර පවා දාලා වෙනත් ප්‍රාන්තයකට පදිංචියට යන්නත් සිද්ධ වුණා. අද වෙනකොට ඔහුට තමන්ගේ ජීවිතය මුල ඉඳන්ම පටන් ගන්න වෙලා තියෙනවා.
මේ සිද්ධියත් එක්ක ඇමරිකාවේ ‘කැන්සල් කල්චර්’ හෙවත් යම් මතයක් නිසා පුද්ගලයෙක්ව සමාජයෙන් සහ රැකියාවෙන් කොන් කිරීමේ ප්රශ්නය ආයෙමත් කරළියට ඇවිත් තියෙනවා. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් වගේ ඉහළ පෙළේ දේශපාලනඥයෝ පවා කර්ක්ව විවේචනය කරන අයගේ රැකියා ස්ථානවලට දැනුම් දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටියා. මේක දේශපාලන මතවාද අතර තියෙන ගැටුමක් විදිහට පෙනුනත්, අවසානයේ අසරණ වෙන්නේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරපු සාමාන්‍ය මිනිස්සුයි. ජෙරල්ඩ් නම් කියන්නේ තමන් කරපු ප්‍රකාශය ගැන පසුතැවෙන්නේ නැති වුණත්, මේ සිද්ධියෙන් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණු බවයි.

Discussion & Feedback