අඟහරු ග්රහයා කිව්වම අපේ මතකයට එන්නේ රතු පාට කාන්තාරයක් විතරමයි. හැබැයි යුරෝපීය අභ්යවකාශ ඒජන්සියේ ‘මාස් එක්ස්ප්රස්’ යානය මගින් ලබාගත්ත අලුත්ම ඡායාරූපවලින් දකින්න ලැබෙන්නේ හිතාගන්නවත් බැරි තරම් වෙනස් දර්ශනයක්. අඟහරුගේ කයිසර් ආවාටය ඇතුලේ තියෙන මේ වැලි කඳු හරියට දියවෙච්ච ලෝහ වගේ දිලිසෙනවා. ඇත්තටම මේවා ලෝහ නෙවෙයි, අඟහරුගේ ශීත කාලෙට වැලි කඳු මත තැන්පත් වෙන කාබන් ඩයොක්සයිඩ් හෙවත් වියළි අයිස් තට්ටුවක්. මේ අයිස් තට්ටුව මත ආලෝකය වැටෙනකොට තමයි මේ වගේ අමුතු දිලිසීමක් ඇතිවෙන්නේ.
මේ වැලි කඳු නිර්මාණය වෙලා තියෙන්නේ ගිනිකඳු ආශ්රිතව ලැබෙන කළු පාට වැලිවලින්. දහස් ගණන් අවුරුදු තිස්සේ හමන ප්රබල සුළං නිසා තමයි මේ දැවැන්ත වැලි කඳු නිර්මාණය වෙලා තියෙන්නේ. මේවා මීටර් 100කට වඩා උසින් යුක්තයි. අඟහරුගේ වායුගෝලය පෘථිවියට වඩා ගොඩක් සිහින් වුණත්, අතීතයේදී මේ සුළං කොයිතරම් ප්රබලව ක්රියාත්මක වෙන්න ඇද්ද කියන එකට මේ වැලි කඳු හොඳම සාක්ෂියක්. අඟහරු කියන්නේ නිකම්ම නිකම් පාළු ග්රහයෙක් නෙවෙයි, ඒ මතුපිට තවමත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා කියන එක මේ ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. විද්යාඥයන් හිතන්නේ මේ වගේ දර්ශන මගින් අඟහරුගේ අතීතය ගැන තවත් රහස් රැසක් හෙළි කරගන්න පුළුවන් වෙයි කියලා.

Discussion & Feedback