හොංකොං නගරයේ ස්වාධීන පොත්හල් කිහිපයක් මේ දිනවල දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. චීන පාලනය යටතේ තහනම් කරලා තියෙන දේශපාලනික සහ සමාජීය කරුණු ගැන පොත්පත් අලෙවි කරන මේ පොත්හල්, චීන මහාද්වීපයේ ඉඳන් එන තරුණ තරුණියන්ට තමන්ගේ රටේ ඉතිහාසය ගැන හොයන්න තියෙන එකම තැන වගේ වෙලා තිබුණා. ජෝර්ජ් ඕවල්ගේ ‘ඇනිමල් ෆාම්’ වගේ පොත් පවා මෙහි තිබුණා. ඒත්, ජාතික ආරක්ෂක නීතිය යටතේ පොලිසිය මේ පොත්හල් වැටලීමත් එක්ක, අයිතිකරුවන් අත්අඩංගුවට ගැනීමත් නිසා මේවා එකින් එක වහලා දාන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ සිදුවීම් නිසා චීනයෙන් හොංකොං වෙත එන තරුණ පාඨකයන් ලොකු කම්පනයකට පත්වෙලා ඉන්නවා. ඔවුන් කියන විදිහට මේ පොත්හල් කියන්නේ හුදෙක් පොත් විකුණන තැන් නෙවෙයි, තමන්ට දැනගන්න බැරි වුණු ඉතිහාසය සහ වෙනස් අදහස් ගැන දැනගන්න පුළුවන් නිදහස් අවකාශයක්. විශේෂයෙන්ම 1989 ටියනන්මෙන් චතුරස්රයේ සිදුවීම් වගේ තහනම් මාතෘකා ගැන හොයන අයට මේ පොත්හල් ලොකු පිටුවහලක් වුණා. ඒත් දැන් හොංකොංවලත් ඒ නිදහස ක්‍රමයෙන් නැතිවෙලා යන බවයි බොහෝ දෙනෙක් බිය පළ කරන්නේ.
පසුගිය මාස කිහිපය ඇතුළත ‘හන්ටර් බුක්ස්ටෝර්’, ‘ග්‍රීන්ෆීල්ඩ්’ වගේ ප්‍රසිද්ධ පොත්හල් කිහිපයක්ම වැටලීම්වලට ලක් වුණා. මේවායේ අයිතිකරුවන් රාජද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගත්තා. මේ තත්ත්වය නිසා වසර 50ක් තිස්සේ පැවති පොත්හල් පවා වහලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. හොංකොංවල තිබුණු මේ සුවිශේෂී බුද්ධිමය නිදහස මේ විදිහට අතුරුදහන් වීම ගැන ලෝකයම වගේ කතාබහ කරනවා.

Discussion & Feedback