ලෝක ප්රසිද්ධ ‘ද විසාඩ් ඔෆ් ඕස්’ (The Wizard of Oz) කෘතියේ කතුවරයා වන එල්. ෆ්රෑන්ක් බෝම් විසින් රචනා කරපු තවත් අපූරු පොතක් වන ‘ද ලයිෆ් ඇන්ඩ් ඇඩ්වෙන්චර්ස් ඔෆ් සැන්ටා ක්ලවුස්’ (The Life and Adventures of Santa Claus) කෘතිය ඇසුරින් අලුත්ම ලයිව්-ඇක්ෂන් (Live-action) චිත්රපටයක් නිර්මාණය වෙන්න යනවා. 1902 වසරේදී මුලින්ම ප්රකාශයට පත් වුණු මේ කතාවෙන් කියවෙන්නේ කුඩා කාලයේදීම අතහැර දමනු ලැබූ දරුවෙක්, ඉන්ද්රජාලික වනාන්තරයක හැදී වැඩී ලෝකයම ආදරය කරන සැන්ටා ක්ලවුස් බවට පත් වෙන හැටි ගැනයි. මේ කතාව මීට කලින් ඇනිමේෂන් චිත්රපට විදිහට නිර්මාණය වුණත්, සැබෑ රංගන ශිල්පීන් යොදාගෙන ලයිව්-ඇක්ෂන් චිත්රපටයක් විදිහට නිර්මාණය වෙන්නේ පළමු වතාවටයි.
මේ සිනමා නිර්මාණය භාර අරන් තියෙන්නේ මොනාක් මීඩියා (Monarch Media) ආයතනය විසින්. එහි තිර රචනය සිදු කරන්නේ කාලි බේලි විසින්. මේ චිත්රපටය ගැන අදහස් දක්වපු නිෂ්පාදක ස්ටීව් බානෙට් කිව්වේ, සැන්ටා ක්ලවුස්ගේ මූලාරම්භය ගැන කියවෙන මේ කතාව හැම වයස් කාණ්ඩයකම අයට සහ ලෝකයේ ඕනෑම සංස්කෘතියක ඉන්න අයට දැනෙන, කාලානුරූපී අත්දැකීමක් වෙයි කියලා. මේ වන විටත් හොලිවුඩයේ සාර්ථක නිර්මාණ රැසකට දායක වෙලා තියෙන මොනාක් මීඩියා ආයතනය, මේ චිත්රපටය හරහා ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න සූදානම් වෙනවා. ඉතින්, වසර 124ක් තිස්සේ පොත් පිටු අතර තිබුණු මේ සුන්දර කතාව ඉක්මනින්ම අපිට සිනමා ශාලාවලින් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback