OpenAI සමාගම විසින් හඳුන්වා දීමට නියමිත ඔවුන්ගේ නවතම කෘත්‍රිම බුද්ධි මාදිලිය වන GPT 5.6 සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ නව තාක්ෂණික මෙවලම් එළිදක්වන විට එය සැමටම විවෘත වුණත්, මෙවර ඇමරිකානු රජය මැදිහත් වෙලා මේ නිකුත් කිරීම සීමා කරන්න කියලා OpenAI ආයතනයට උපදෙස් දීලා තියෙනවා. ආරක්ෂක හේතූන් මත, මේ නව මාදිලිය මුලින්ම ලබා දෙන්නේ තෝරාගත් හවුල්කරුවන් පිරිසකට පමණයි. මේ ගැන අදහස් දක්වමින් OpenAI ප්‍රධානී සැම් ඕල්ට්මන් පවසා තිබුණේ, රජයේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයන් අනුව ප්‍රවේශය ලබා දෙන බවත්, එය සාර්ථක වුවහොත් පමණක් ඉදිරි සති කිහිපය තුළ පොදු ජනතාවට මෙය විවෘත කරන බවත්ය.
ඇමරිකානු රජය මෙවැනි දැඩි තීරණයක් ගත්තේ කෘත්‍රිම බුද්ධිය හරහා සිදුවිය හැකි සයිබර් තර්ජන පිළිබඳව පවතින බිය නිසයි. විශේෂයෙන්ම, මෘදුකාංගවල ඇති දුර්වලතා ඉතා වේගයෙන් හඳුනාගෙන ඒවාට පහර දීමේ හැකියාව මේ නවීන AI මාදිලිවලට තියෙනවා. මීට පෙර Anthropic සමාගමත් ඔවුන්ගේ ‘Claude Mythos’ මාදිලිය මෙවැනිම හේතුවක් මත සීමිත පිරිසකට පමණක් ලබා දුන්නා. කෘත්‍රිම බුද්ධිය දියුණු වන තරමටම එය අපරාධකරුවන් අතට පත් වුවහොත් සිදුවිය හැකි හානිය අතිමහත් බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ඒ නිසාම, තාක්ෂණික සමාගම්වලට තමන්ගේ නවතම නිර්මාණ රජයට පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සිදුවෙලා තියෙනවා.

Discussion & Feedback