ඔන්න සොම්බි කතා වලට ආස අයට අලුත්ම අත්දැකීමක් අරගෙන එන්න ‘The Last Disease Z’ කියන ක්රීඩාව පසුගිය අගෝස්තු 21 වෙනිදා එළිදැක්වුණා. මේක හරියට ‘The Walking Dead’ වල තියෙන බියකරු සොම්බි රංචු සහ ‘Valheim’ වල තියෙන පැවැත්මේ අභියෝග එකට එකතු වුණා වගේ අත්දැකීමක්. මේ ක්රීඩාවේදී ඔයාට සිද්ධ වෙන්නේ ඔයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ විනාශ වෙලා ගිය ලෝකයේ ජීවත් වෙන්න. අතහැර දාපු නගර, පාළු ගම්මාන සහ හමුදා කඳවුරු අතරේ සැරිසරමින් සම්පත් හොයාගන්නත්, ඔයාගේම ආරක්ෂිත කඳවුරක් හදාගන්නත් ඔයාට සිද්ධ වෙනවා.
මේ ක්රීඩාව හදලා තියෙන්නේ තනි පුද්ගලයෙක් විසින්. දැනට මේක ‘Early Access’ විදිහට Steam හරහා ලබාගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂම දේ තමයි සොම්බි විතරක් නෙවෙයි, කැලෑවල ඉන්න විකෘති සත්තු සහ ඔයාගේ සම්පත් කොල්ලකන්න එන සන්නද්ධ කල්ලිවලිනුත් ඔයාට පරිස්සම් වෙන්න වෙන එක. ඒ නිසා හැම පියවරක්ම තියන්න වෙන්නේ හරිම පරිස්සමෙන්. ඔයාට මේක මිලදී ගන්න කලින් අත්හදා බලන්න ඕනේ නම්, නොමිලේ ලබාදෙන ‘Demo’ එක බාගත කරගෙන මේ අභියෝගාත්මක ලෝකයේ ඔයාගේ හැකියාවන් කොහොමද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්.
මේක නිකම්ම නිකම් ක්රීඩාවක් නෙවෙයි, ඔයාගේ චරිතයේ කුසලතා දියුණු කරගන්න, දඩයම් කරන්න සහ සටන් කරන්න පුළුවන් විවෘත ලෝකයක්. හැම මොහොතකම ඔයාට සිද්ධ වෙන්නේ ජීවත් වෙන්න සටන් කරන්න. ඉතින් ඔයා මේ වගේ සොම්බි පැවැත්මේ ක්රීඩා වලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ අත්දැකීම විඳලා බලන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback