1979 සැප්තැම්බර් 22 වැනිදා ඇමරිකාවේ ‘වෙලා’ (Vela) චන්ද්රිකාව මගින් දකුණු අත්ලාන්තික් සාගර කලාපයේ අමුතුම ආකාරයේ ආලෝක ධාරාවක් හඳුනාගත්තා. මේ සිදුවීම අදටත් ලෝකයේ ලොකුම අභිරහසක් විදියටයි සැලකෙන්නේ. මේ චන්ද්රිකාව නිර්මාණය කරලා තිබුණේ න්යෂ්ටික පිපිරීම් හඳුනාගන්න. ඒ නිසා මේ ආලෝක ධාරාව ද්විත්ව ආලෝකයක් (double flash) විදියට පෙනුන නිසා, ඒක රහසිගත න්යෂ්ටික පරීක්ෂණයක් වෙන්න ඇති කියලා ඇමරිකානු බලධාරීන් සැක කළා. එකල ජනාධිපති ජිමී කාටර් පවා මේ ගැන තමන්ගේ දිනපොතේ සටහන් තබා තිබුණේ, මේක ඊශ්රායලය විසින් දකුණු අප්රිකාව ආසන්නයේ සිදුකළ රහසිගත න්යෂ්ටික අත්හදා බැලීමක් විය හැකි බවටයි.
කෙසේ වෙතත්, පසුව පත්කළ විද්යාඥ කමිටුවක් කිව්වේ මේක උල්කාපාතයක් චන්ද්රිකාවේ ගැටීමෙන් ඇතිවූ දෝෂයක් වෙන්න පුළුවන් කියලයි. නමුත් බුද්ධි අංශ නිලධාරීන් සහ විද්යාඥයන් ගොඩක් දෙනෙක් මේ මතය පිළිගත්තේ නැහැ. ඔවුන් කිව්වේ මේක දේශපාලනිකව යටපත් කරපු සත්යයක් බවයි. නාවික පර්යේෂණාගාරයේ දත්තවලට අනුව මේක මිනිසා විසින් නිර්මාණය කළ න්යෂ්ටික පිපිරීමක් බවට තහවුරු වුණා. දශක ගණනාවක් ගත වුණත්, මේ සිදුවීම පිටුපස තියෙන සැබෑ කතාව තාමත් ලෝකයට අභිරහසක් විදියටම ඉතිරි වෙලා තියෙනවා.

Discussion & Feedback