ඇමරිකානු රජය මේ දවස්වල අලුත්ම සැලැස්මක් ගැන කතා කරමින් ඉන්නවා. ඒ තමයි මුහුදේ පාවෙන රොකට් දියත් කිරීමේ මධ්යස්ථාන සහ අභ්යවකාශ යානා ගොඩබෑමේ ස්ථාන ඇති කිරීම. ඇමරිකාවේ වෙරළ තීරයේ සිට සැතපුම් 200ක් දුරින් තියෙන මුහුදු ප්රදේශය මේ සඳහා යොදාගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩේ හරහා අභ්යවකාශ ගමන් වාර ගණන වැඩි කරලා, ඇමරිකාවේ අභ්යවකාශ කර්මාන්තය තවත් දියුණු කරන්න පුළුවන් වෙයි කියලා බලධාරීන් විශ්වාස කරනවා. ඒ වගේම දැනට තියෙන තෙල් සහ ගෑස් කැණීම් වේදිකා මේ සඳහා යොදාගන්න පුළුවන්ද කියලත් ඔවුන් හොයලා බලනවා.
නමුත් මේ සැලැස්ම ගැන පරිසරවේදීන් නම් ඉන්නේ ලොකු කලකිරීමකින්. ඔවුන් කියන්නේ දැනටමත් රොකට් කැබලි සහ අභ්යවකාශ සුන්බුන් නිසා වෙරළබඩ පරිසර පද්ධති විනාශ වෙමින් පවතින බවයි. මේ වගේ වැඩක් මුහුද මැද සිද්ධ වුණොත් තල්මසුන්, මුහුදු කැස්බෑවන් වගේ සත්තුන්ට ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා ඔවුන් අනතුරු අඟවනවා. මේක ඇත්තටම අභ්යවකාශ ගවේෂණයකට වඩා තෙල් සමාගම්වලට වාසි වෙන විදිහේ වැඩක් කියලා තමයි විවේචකයන් කියන්නේ. කොහොම වුණත්, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අගෝස්තු 7 වෙනිදා දක්වා කාලය දීලා තියෙනවා. ඉදිරියේදී මේ ගැන තවත් ලොකු කතාබහක් ඇති වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback